දෙවැනි වරට සංවිධාන කෙරෙන ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උළෙලේ සිංහල දිනය ජනවාරි 27 වැනිදා පෙරවරු 9 .30 සිට පස්වරු 5.30 දක්වා ගාලු කොටුව බාලදක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.
නොමිලේ පැවැත්වෙන මෙම වැඩමුළුවේ අන්තර්ගතය මෙසේය,
උදැසන 9 සිට 11 දක්වා සිංහල සාහිත්‍යය දෛනික ජීවිතය පිළිබඳව ආවර්ජනය කෙරෙන අතර එය මෙහෙයවනු ලබන්නේ සහන් කසීර වික්‍රමසිංහ විසිනි.
පෙරවරු11.30 සිට ප.ව.1.00 දක්වා ෆෙයාර්වේ ජාතික සාහිත්‍යය සම්මාන නිර්දේශිත කතෘ මඬුල්ල ආචාර්ය ප්‍රභා මනුරත්න විසින් මෙහෙයවනු ලැබේ.
පස්වරු 2.00 සිට 3.30 දක්වා නවකතාවේ සිට චිත්‍රපටය දක්වා අනුවර්තන ක්‍රියාවලිය මෙහෙයවන්නේ අනෝමා රාජකරුණා විසිනි.
පස්වරු 4.00 සිට 5.30 දක්වා සිංහල කෙටි කතාව වර්තමාන කියැවීම සඳහා වූ ආඛ්‍යාන කලාවක් මෙහෙයවීම සිදුවන්නේ මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ අතිනි.