ඉන්ටර් ඇක්ට් නාට්‍ය කණ්ඩායම විසින් සංවිධාන කරනු ලබන “කොළඹ නාට්‍ය කතිකාව” අගෝස්තු සංවාදය එළඹෙන 28 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඒ එදින සවස 5ට ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ය.
“එම්.සෆීර්ගේ 10 වසරක ජර්මානු නාට්‍ය අත්දැකීම්” යන මාතෘකාව යටතේ මෙවර ඉදිරිපත් කිරීම සහ සංවාදය සිදු කෙරෙනු ඇත.
පසුගිය වසරේ ජූලි මස සිට ආරම්භ කළ මෙම වැඩසටහන නාට්‍ය කලාවේ නව මානයන් සොයා යන්නවුන් වෙනුවෙන් වෙන් වූ අවකාශයක් ලෙස හැඳින්වේ.