"ප්‍රේමයේ දැහැනෙන් මිදිලා හදවතින් වැලඳගෙන ඉන්න මිනිස්සු ඉන්නවානේ. හදවතින් වැළඳගැනීමත් ප්‍රේමයක්. මතකයන් එක්ක විතරක් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ගීතයක් කියන්නෙම මිනිස්සුන්ගේ හැගීමක්. හැමෝටම හදවතට දැනෙන්න සිංදු කියන්න බෑ. සමිතා මුදුන්කොටුව කියන්නේම හැගීම් ගොඩක්." මෙසේ පවසන්නේ දෙරණ 'ඩ්‍රීම් ස්ටාර්' 11 වැනි වැඩසටහනේ දෙවැනි ජයග්‍රාහිකාව වූ අපූර්වා ආශාවරීය.
යූටියුබ් නාලිකාවේ සෑම බදාදාවකම විකාශය කෙරෙන වැඩසටහනට දිනිත ජයරත්න සමග සංවාදයට සහභාගි වෙමින් ඇය මේ බව පැවසුවාය.
"ඩ්‍රීම් ස්ටාර් ගිය අපි නෙවෙයි එළියට ආවේ. කවදාහරි රඟපාන්න ලැබෙනවා නම් කියලා මම හිතලා තියනවා. මම අම්මාගෙන් සැහෙන්න ගුටි කනවා. ඩ්‍රීම් ස්ටාර් 'ඇප්ලයි' කරේ අම්මාට හොරෙන්. උසස් පෙළ විභාගය උදේ ලියලා හවස 'ඔඩිශන්' ගියේ. තමන්ට තමන් නැතිවෙනවා කියන හැඟීම කාටවත් දැනෙන්න හොඳ නෑ. ගැහැනියෙකුගේ ආයුධය කඳුළු."
ඇය එහිදී පවසන්නීය. සංවාදය පහතින්,