සත්තු කූඩු කරලා බලපු අපි දන්නේ සත්තු වත්ත විතරයි.. ඒත් මේ කියන්න යන ලිපිය ටිකක් වෙනස් එකක්.. ඔබ දැන සිටියාද ලෝකයේ මානව සත්වෝද්‍යානයක් පවත්වා එහි ලෝකයේ විවිධ ආකාරයේ මිනිස්සු සතුන් ලෙස ප්‍රදර්ශනය කළ බව.. වාසනාවට අද වෙද්දී ලෝකයේ මානව හිමිකම් දියුණුයි ඒ නිසා මේ වගේ දේවල් නැති වෙලා.. මේ සිදුවීම වුනේ මෙහෙමයි..
1889 වෙද්දී යුරෝපය තමන්ගේ බලය ලෝකය පුරා ගොඩාක් දුරට විහිදුවා හැර තිබුනා.. ඔහුන් වෙනත් ජාතින් සැලකුවේ පහත් කරලා කිව්වොත් නිවැරදි.
ඔවුන් බලය ව්‍යාප්ත කරලා තිබුනු රටවල ජිවත් වුනු ස්වදේශිය ජනතාව ඔවුන් යුරෝපය වෙත ගෙන ගියේ එහි සිටි අයට දැක බලා ගැනීමටයි.. මේ ස්වදේශිකයන් ඒ වෙද්දීත් ගොඩාක් අඩුවෙන් ජිවත් වුනේ.. මේ ප්‍රදර්ශනය සදහා ස්වදේශිකයන් වර්ග 3ක් යුරෝපියන් විසින් යුරෝපයට ගෙන එන ලදී. ඒ ස්වදේශිකයන් වුනේ Selknam, Kawésqar හා Tehuelche යන ප්‍රජාවන්ය..මෙහි සුවිශේෂි වුයේ සෙල්ක්නම් වැසියන් ය.. ඔවුන් ජිවත් වුනේ චිලී රාජ්‍යයේ දකුණට හා ආජන්ටිනාව අතර ට වෙන්නය හරියටම කිව්වොත් Tierra del Fuego කියන දුපත් වල.. චිලී රාජ්‍යයට අයත් මෙම බල ප්‍රදේශයේ වැසියන් යුරෝපයේ පැවැතෙන මානව සත්වෝද්‍යාන ප්‍රදර්ශනය ගෙන යාමට චිලී රජයේ ද අනුමැතිය ලැබිණි..
ඒ අනුව වයස අවුරුදු 8 ටත් අඩු වයසේ සිටි කුඩා දරුවන් ඇතුළු බොහො Selknam ජනයා නෞවකාවක දමා යුරෝපයට පිටත් කර හරින ලදී. මෙහිදි සුවිශේෂි දෙයක් සිදු වී ඇත Tierra del Fuego නැත්තම් ගින්දරේ දූපත කියන දූපත පීරලා ආජන්ටිනා හා චිලි රජය සෙල්ක්නම් වැසියන් හෙව්වා ඒත් හම්බුනේ නෑ.. පස්සේ යුරෝපයෙන් ආපු ගවේෂක කණ්ඩායම දැඩි ගවේෂණයකින් අනතුරව සෙල්ක්නම් වැසියන් හොයා ගන්නවා ඒ සෙල්ක්නාම් වැසියන් සත්ත්ව ඇට කැබලි ගිණි තබද්දී අහසට නැගුණු දුම් නිසා.. කොහොම වුනත් සෙල්ක්නම් වැසියෝ නෞවකා වල දමා යුරෝපයට පිටත් කරලා ඇරියා...ඉතින් මේ මානව සත්වෝදයානයේ දී මේ වැසියන් කිසිවෙකුට මනුස්සයන් ට ලැබෙන සැලැකිලි ලැබුනේ නෑ.. දවසට 6-8 වතාවත් ඔවුන්ව විවිධ පරික්ෂණ වලට ගත්තා, පෝටෝ ගත්තා, බර කිරුවා, ඔවුන් විවිධ ආකාරය දේවල් කරා.. මේක මේ අහිංසක වැසියන් ට දරා ගන්න පුළුවන් වුනු දෙයක් නම් නෙමෙයි.. ඔවුන් ට නැවත කිසිදවසක ගෙදර යන්න ලැබුනේ නෑ.. තවත් අයට යුරෝපයට පය තියන්න හම්බුනේ නෑ..
මේ සෙල්ක්නම් වැසියන් තරමක් වෙනස් වුනා අනිත් ග්‍රෝතිකයන් ට වඩා.. ඔවුන් ඉතා සමාකාමී වගේ ම අහිංසක විදිහට හැදිලා තිබුනේ.. ඔවුන් ඔවුන් ජිවිත් වුනු පරිසරයට අනුව ඔවුන් හැඩ ගැහිලා තිබුනා. ඉතා විශිෂ්ඨ පෞරෂයක් තිබුනා.. ඔවුන් තීන්ත වලින් මුහුණු ආලේප කරගෙන හිටියා. සෙල්ක්නම් වැසියන් ගේ දරුවන් පවා නව යෞවන වියේ පසුවන දඩයම් කිරීම හා අපුරු කායික ශක්තියකින් හෙබි අය වුනා.. කාන්තාවන් ද තම පිරිමි අයට නොදැවෙනි වුවා.. ඔවුන් කතා කරේ Chon භාෂාව.. ඇත්තටම කිව්වොත් ඔවුන් පරිසරයට අනුව හැඩ ගැසුනු අපුරු ජනතාවක්.. පරිසරයේ කොටස් ගල් කැබැලි හා වෙනත් දේවල් යොදාගෙන ඔවුන් තමන්ගේ එදිනෙදා ජිවිතේ ගොඩ නගා ගත්තා.. මේ ජනතාව අතර දියුණු සංස්කෘතියක් තිබුනා කිව්වොත් නිවැරැදි.. නමුත් ඔවුන්ගේ සමාකාමී ජිවිතය ගොඩාක් කල් රැදිලා තිබුනේ නෑ.. යුරෝපීයන් ඔවුන් සොයාගෙන ගියා.. ගොඩාක් දෙනෙක් අල්ලගෙන ප්‍රදර්ශන වලට රැගෙන ගියා..
1896 වෙද්දී Tierra del Fuego සෙල්ක්නාම් වැසින් 3,000ක් පමණ ජිවත් වුනු බව වාර්තා වෙනවා.. නමුත් Martín Gusinde නම් ඕස්ට්‍රියානු ගවේෂකයාගේ වාර්තා අනුව 20 සියවසේ මුල් භාගය වෙද්දී හරියට ම 1919 පමණ වගේ වෙන විට සෙල්ක්නම් වැසියන් 279ක් දක්වා පහළ බැස තිබුනු බව වාර්තා වුනා.. බොහො දෙනෙකු යුරෝපිය දඩයම්කරුවන් අතින් ඝාතනය වුනා තවත් පිරිස් ප්‍රදර්ශන වලදී සිදු වූ පීඩනයන් නිසා මිය ගියා... සෙල්ක්නම් වැසියන් මානව සත්වොද්යානයක ප්‍රදර්ශනය වුනේ ඔය විදිහටයි.........
|දිලීප සංජය රණවක