Ken Loach ඇධ්‍යක්ෂණය කළ The Wind That Shakes the Barley (2006) චිත්‍රපටය යනු නිදහස උදෙසා අයර්ලන්ත ජාතිකයන්ගේ අරගලය මනාව නිරූපණය කරන චිත්‍රපටයකි.
චිත්‍රපටයට පසුබිම් වන්නේ නිදහස උදෙසා අයර්ලන්ත ජාතිකයන්ගේ යුද්ධය සහ ඊට පසුව පැන නගින සිවිල් යුද්ධ කාලයයි.
මේ ෆිල්ම් එකට පුලුවන් වෙනවා සන්නද්ධ අරගලයේ දේශපාලනමය සහ හැඟීම්බර යන පැතිකඩ දෙකම නිරූපණය කරන්නට.
මේ ෆිල්ම් එකේදී කැපකිරීම කියන එක හොදින් අපට දැකබලා ගන්නට පුලුවන්. යම් අදහසක් මතවාදයක් වෙනුවෙන් සටන් කරන්නේ ඇයි? අවි ඔසවන්නේ ඇයි? ඒ වෙනුවෙන් මැරෙන්නේ ඇයි? යනාදී වශයෙන් කැපකිරීම සම්බන්ධයෙන් හොද චිත්‍රයක් අපට දෙනවා.
මෙහි කතාව සහෝදරයන් දෙදෙනෙකු වටා ගෙතී තියනවා. Damien (Cillian Murphy) සහ Teddy (Pádraic Delaney) යනු එම සහෝදරයන් දෙදෙනාය.
මොවුන් දෙදෙනාම අයර්ලන්තය අල්ලාගෙන සිටි බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරගල කරනවා සටන් කරනවා අවි ඔසවනවා.
මේ ෆිල්ම් එකේ මුල් ජවනිකා වලින් සන්නද්ධ අරගලයක අවශ්‍යතාවය අපට පෙන්වා දෙනවා.
සාමකාමී අරගලයට ඉඩ නැති වූ කළ. පාලකයා සාමකාමී අරගලය බැටන් පොල්ලෙන් තුවක්කුවෙන් මර්ධනයෙන් නවත්වන විට ඇති එකම විකල්පය අවි එසවීම නොහොත් සන්නද්ධ අරගලය බව මෙයින් අපට කියා පානවා.
මෙහිදී ගරිල්ලා රණකාමය යථාර්තවාදීව සහ අමුවෙන්ම අපට පෙනෙනවා. කොහොමද ගොවියන්, කම්කරුවන් සහ සාමාන්‍ය ජනතාවගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අයෝමය විනයක් සහිත ගරිල්ලා කණ්ඩායමක් වන්නේ කෙසේද යන වග සහ එහි විකාශනය අපට පෙන්වා දෙනවා.
ඔවුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී හමුදා සමඟ සටන් කරනවා සහ ඔත්තුකරුවන්ට දඬුවම් දෙනවා මොවුන් ඒ සියලු දේ කරන්නේ තමන්ගේ විමුක්තිය සම්බන්ධයෙන් ඔවුන් තුළ වූ විශ්වාසය සහ කැපකිරීම මෙන්ම ගොරිල්ලා රණකාමය පිළිබඳ ඔවුන් තුල වූ විශ්වාසය නිසාවෙනි. හැබැයි ෆිල්ම් එකේ කොතනකදීවත් ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නංවන්නේ නැහැ. උණ්ඩයක් මුදා හරින හැම වෙලාවක් තුළම එහි බර සහ වේදනාව ෆිල්ම් එකේ ඉන්න චරිත වලටත් දැනෙනවා. එය ඔවුන්ගේ හැඟීම අවුස්සනවා.
අනෙක් යුධ චිත්‍රපට වලින් මේ ෆිල්ම් එක වෙනස් වන තැනක් තමයි මේ ෆිල්ම් එක මුලදී යටත්විජිත විරෝධී සටන නිරූපණය කොට පසුව එයින් ඇතිවන අභ්‍යන්තර ගැටුම නිරූපණය කිරීමයි.
Anglo-Irish ගිවිසුමෙන් පසුව එදා එකට සටන් කළ අයර්ලන්ත ජාතිකයන් පිල් දෙකකට බෙදෙනවා. Teddy හිතන විදියටනම් ගිවිසුම හොද දෙයක්. නමුත් Damien ට අනුවනම් ගිවිසුම කියන්නේ හොද දෙයක් නෙමෙයි. ඒකෙන් සැබෑ නිදහස අයර්ලන්තයට නොලැබෙනවා මෙන්ම ඉඩම් හිමි පංතියේ බලය තවදුරටත් එයින් රකිනවා.
මෙන්න මෙතනදී තමයි Loach විප්ලවය ගැන ඉතා ගැඹුරු ප්‍රශ්ණ මතු කරන්නේ.
රටකට නිදහස පමණක් ප්‍රමාණවත් ද? නිදහසෙන් පසුවත් සූරාකෑමේ මර්ධනය කිරීමෙ සමාජ ආර්ථික සහ දේශපාලන යාන්ත්‍රණය තවමත් පවතී නම් එය සැබෑ නිදහසක් ද? මේ ෆිල්ම් එක ගැඹුරු දේශපාලන න්‍යායකට නොගියත් ජාතික විමුක්තිය සහ සමාජ සාධාරණත්වය පිළිබඳව නිරූපණය කරනවා,
ෆිල්ම් එකේ ඉන්න Cillian Murphy කියන ඒ මහා දැවැන්ත හොලිවුඩ් රංගධරයා නිරූපණය කරන Damien ගේ චරිතයට අයර්ලන්තය ගැන රැඩිකල් දැක්මක් ඇත. ඔහුට අවශ්‍ය වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස් අයර්ලන්තයක් පමණක් නොවේ නමුත් සූරාකෑමෙන් ද නිදහස් අයර්ලන්තයකි.
මෙම චිත්‍රපටයේ ඇති හැඟීම්බර පරිසරය ඛේදනීය එකකි. එක ලෙයින් උපන් සහෝදරයෙක්ට සිදුවෙනවා තමන්ගේ සහෝදරයාව ඝාතනය කරන්නට නමුත් එය වෛරයක් නිසා නොව ඉතිහාසය විසින් ඔහුට බල කරනු ලබන නිසාය.
Cillian Murphy නම් රංගධරයා විශාල සාධාරණයක් තමන්ගේ චරිතයට කරලා තියනවා. මම මේ ෆිල්ම් එක බලන්නත් ලොකුම හේතුව ඒක.
අවසාන වශයෙන් කිව යුත්තේ මේ ෆිල්ම් එක අයර්ලන්තය ගැනම කතාවක් නොව මෙය විප්ලවය ගැන වූ විශ්වීය කතාවකි.
කර්තෘ - දිමුත් භානුක