ලිංගික පීඩනය සැබෑ ලෝකයේදී මෙන්ම නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත ගෙනඒමේ කටයුත්ත තුළ පවා නිරන්තරයෙන් කතාබහට ලක්වන තේමාවකි. මේ හා සබැඳෙන ආසන්නතම සිදුවීමේ වැරදිකරුවා යැයි චෝදනා එල්ලවන්නේ සුප්‍රකට අධ්‍යක්ෂවරයෙකුටයි.
මීට වසර ගණනාවකට පෙර සිදුවූ මේ සිදුවීම පිළිබඳ බටහිර මාධ්‍යය මේ දිනවල දිගින් දිගටම හෙළිදරව් කිරීම් වල නිරතවනවා. 1972 දී තිරගත වූ The Last Tango in Paris සිනමාපටයේ දී යුවතියක් අතවරයට ලක්වන සිදුවීමක් රූගත කෙරුණු ආකාරය පිළිබඳ ලෝක ප්‍රකට ඉතාලියානු සිනමා අධ්යක්ෂ Bernardo Bertolucci 2013 වසරේදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක කොටසක් මේ කතාබහේ තේමාව බවට පත්වී තිබෙනවා.
මාලන් බ්රැන්ඩෝ හා Maria Schneider මෙම රූප රාමු වලට රංගනයෙන් දායක වී තිබෙන අතර එහිදී බ්රැන්ඩෝ විසින් Maria ට ලිංගික අතවර කිරීමේදී ඇගේ ගුදමාර්ගයට බටර් යොදන දර්ශනයක් මෙහිදී ඉදිරිපත්කර තිබෙනවා. මේ පිළිබඳ විස්තර කරමින් Bertolucci 2013 වසරේදී සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ බටර් යොදාගන්න සීන් එක මගේ අදහසක්. මේ සිදුවීම ෂූටිං කරන දවසේ උදේ මේ ගැන මම මාලන්ට කිව්වේ. මේ සිදුවීම ගැන නිළියක් විදියට නැතිව,කෙල්ලක් විදියට ඵ්රස්ගේ ප්‍රතිචාරය මොකක්වේවිද බලන්නයි මට ඕන වුණේ යන්නයි.
ලිංගිකත්වය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිළිබඳ ජනතා අවධානය ගොඩනැගීමේ අරමුණින් ස්පාඤ්ඤ සංවිධානයක් පසුගිය මසදී මෙම සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය කළ දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
අනතුරුව, මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස කතාබහට ලක්ව අතර හොලිවුඩ් රංගන ශිල්පීන් ද මේ සිදුවීමට සිය විරෝධය පළකර අදහස් දක්වන්නට එක්වී සිටිනවා.
කෙසේවුවත් Bertolucci මේ සම්බන්ධයෙන් ප්‍රකාශකර සිටින්නේ ඔහු සිදුකළ ප්‍රකාශය බොහෝදෙනෙකු තේරුම්ගෙන සිටින්නේ වැරදියට බවයි.ඒ පිළිබඳ සිය අදහස් පළකරමින් ද ගාර්ඩියන් හා සම්මුඛ වූ Bertolucciපවසන්නේ මෙවැනි අදහසකි.
මීට අවුරුදු කිහිපයකට කලින් Cinémathèque Française හිදී කෙනෙක් සුප්‍රකට බටර් සීන් එක ගැන මගෙන් ඇහුවා. මම මේ ගැන සිදුකළ විස්තරය ඔවුන්ට නොතේරෙන්න ඇති.මම මාලන් බ්රැන්ඩෝ සමග මේ සීන් එක ගන්න විදිය ගැන සාකච්ඡා කළා. මේ සීන් එකේදී නොහොබිනා විදියට බටර් පාවිච්චි කිරීම ගැන
නිරායාසයෙන්ම Maria ට එන හැඟීම හා ඇය මීට දක්වන ප්‍රතිචාරය අපිට ඕන වුණා. මෙහිදී අපි බටර් පාවිච්චි කරනවා කියලා Maria ට නොකියා ඉමු කියලා අපි කතාවුණා. මේ සිදුවීම අතරතුරදී Maria ට එල්ලවෙන ප්රචණ්ඩත්වය ගැන අපි ඇයට නොකියා සිටියා යැයි කෙනෙක් හිතනවා නම් ඒක බොරු.
මේ සිදුවීම ගැන හොඳටම විස්තර කරලා තියෙන තිර පිටපත පවා Maria කියෙව්ව නිසා ඇය මේ ගැන හොඳටම දන්නවා. මේ සිදුවීමට අළුතින් දෙයක් එකතු වුණා නම් එහෙම එකතු වුණේ බටර් සීන් එක විතරයි. මේ සිදුවීම ගැන අවුරුදු ගාණකට පස්සේ ඇය තුළ විරෝධයක් ඇතිවූවා නම් ඊට හේතුවුණේ මේ සිදුවීම ගැන පිටපතෙත් ලියැවී තිබුණු ප්රචණ්ඩත්වය නොව ඒ බටර් සිදුවීම පමණයි යන්නයි.
කෙසේවුවත් ඩේලි මේල් සමගින් 2007 වසරේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Maria Cinémathèque Française තමන් දූෂණය වූ බවක්.මේ සිදුවීම රූපගත කිරීමෙන් අනතුරුව ඇයට දැනුණු බවයි.මට කේන්ති ගියා. පිටපතේ සඳහන් නොවන්නක් කරන්න කියලා කාටවත් බලකරන්න නොහැකි නිසා මගේ ඒජන්තට හෝ නීතිඥවරයාට හෝ කතාකරන්න තිබුණා. ඒත්, මම එවැන්නක් ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ.
‘Mariaඒක නිකං චිත්‍රපටයක් විතරයි. ඒ ගැන කණගාටුවෙන්න එපා‘ කියලා මාලන් මට කිව්වා‘ යන්නයි.
පුරුෂ සිත තුළ ඇතිවන ක්ෂතියThe Last Tango in Paris සිනමාපටයේ තේමාව වුවත් සැබැවින්ම ක්ෂතිමය තත්ත්වයක පසුවූයේ Schneider යැයි පවසමින් සමාජ මාධ්‍ය හරහා මෙම වීඩියෝව නැරඹූ පිරිස බැණවැදී තිබුණි. වසර තුනකට පසුව නැවත කරළියට පැමිණුනු මේ සම්මුඛ සාකච්ඡාව පිළිබඳ අදහස් දැක්වූ බොහෝ හොලිවුඩ් තරු ප්‍රකාශකර සිටින්නේ Bertolucciට ට ලබාදී තිබෙන ජාත්‍යන්තර සම්මානයන් නැවත ලබාගත යුතු බවයි. මේ සිදුවීම පිළිබඳ ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින්ප Jessica Chastain වසා සිටියේ පිළිකුල් සහගතයි‘ යන්නයි.Chris Evans සඳහන්කර සිටින්නේ මෙය 'පිළිකුළෙනුත් ඔබ්බට ගිය සිදුවීමක්‘ බවයි.
මේ සිදුවීමේ සැබෑ තතු අසන්නට එහි ගොදුර බවට පත්වූවා යැයි සැලකෙන Maria අද ජීවතුන් අතර නැහැ. ඇය පිළිකා රෝගයට ගොදුරුවූ අතර 2011 වසරේදී සිය දිවියෙන් සමුගත්තාය.මෙම සිනමාපටයට සම්බන්ධ වන විට Maria පසුවූයේ 19 හැවිරිදි වියේයි. මාලන් බ්රැන්ඩෝ එවක 48 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු ද සිය දිවියෙන් සමුගෙන හමාරය. කෙසේවුවත්, මේ සිනමාපටයෙන් වසර කිහිපයකට අනතුරුව Maria කිහිපවරක්ම සියදිවි නසාගැනීමට උත්සහ කළාය. එපමණක් නොව ඇය අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ද ඇබ්බැහි වී සිටි අතර මින්පසු කිසිදිනෙක නිරුවත් දර්ශන රඟපෑම පවා ඇය ප්‍රතික්ෂේප කළ බව පැවසේ.
වින්ද්‍යා ගම්ලත්