චිත්රයකදී මූලික වශයෙන් කෙරෙන්නේ හැඩ ,හැඩතල,වයනය (Texture ), පැහැය, අවකාශය, වස්තු වල දෘශ්‍ය ස්කන්ධ පරිමාවේ ස්වභාවය (Value ) පැහැ අන්තර පරිමාව ( Visual Volume ) ආදී මූල ගති ලක්ෂණයන් කිසියම් සවුන්දර්ය අද්දැකීමක් පිණිස මැවීම ය.
නැතහොත් හැසිරවීමය. මෙය කිරීමට ඉවහල් කර ගන්නේ වර්ණ සහ රේඛාය . ඇත්ත වශයෙන්ම චිත්රයේ මුලිකාංග වන්නේ මේ දෙකය. චිත්‍රයක් නිම කිරීමට පෙර වර්ණ සහ රේඛා පවතින්නේ ක්රියාවලිගත නොවූ දත්ත හැටියට ය. අමු ද්‍රව්‍ය හැටියට ය.වර්ණ, රේඛා යන්නට හැඩතලද චිත්රයේ මුලිකාංගයක් කොට චිත්‍රය අර්ථකථනය කිරීම අතාර්කිකව කාලාන්තරයක් තිස්සේ චිත්‍ර කලා අධ්‍යාපනය තුළ කරන දෙයකි. හැඩතල පමණක් නොව වයනය (Texture ), පැහැය, අවකාශය, වස්තු වල දෘශ්‍ය ස්කන්ධ පරිමාවේ ස්වභාවය (Value ) පැහැ අන්තර පරිමාව ( Visual Volume ) ආදී ඔනෑම මූල ගති ලක්ෂණයක් වර්ණ සහ රේඛා මගින් සාක්ෂාත් කරවන ගතිකයන් මිස චිත්‍රනයට ඉවහල් කර ගන්නා මුලිකාංගයන් නොවේ. එහෙත් මේවා චිත්රණයේ ගති ලක්ෂණ සමගම බැදී පවතින අවියෝජනීය ගති ලක්ෂණයන් ය. ඕනෑම කෙනෙකුට චිත්‍රයක් නිම විය හැකි නමුත් වෘර්තීය සිත්තරෙකුට තම කෘති මගින් මුලිකාංග හා චිත්රමය ගති ලක්ෂණයන් තමන් අතින් හැසිරවෙන ආකාරය පිලිබඳ අවබෝධයක් සේම තක්සේරුවක් තිබිය යුතුය. වර්ණ සහ රේඛා මගින් චිත්‍ර නිමවන නමුත් නරඹන්නාට පෙනෙන්නේ ගති ලක්ෂණය. කෙතරම් ගති ලක්ෂණ දෘශ්‍යමාන උවත් කෘතිය තුළ අධිනිශ්චය වන්නේ බොහෝ විට එක ගති ලක්ෂණයකි. එය කුමක්ද යන්න වෘතීය සිත්තරෙකුට තේරුම් ගැනීමට බැරිකමක් නැත.චිත්රයකදී මූලික වශයෙන් කෙරෙන්නේ හැඩ ,හැඩතල,වයනය (Texture ), පැහැය, අවකාශය, වස්තු වල දෘශ්‍ය ස්කන්ධ පරිමාවේ ස්වභාවය (Value ) පැහැ අන්තර පරිමාව ( Visual Volume ) ආදී මූල ගති ලක්ෂණයන් කිසියම් සවුන්දර්ය අද්දැකීමක් පිණිස මැවීම ය. නැතහොත් හැසිරවීමය. මෙය කිරීමට ඉවහල් කර ගන්නේ වර්ණ සහ රේඛාය . ඇත්ත වශයෙන්ම චිත්රයේ මුලිකාංග වන්නේ මේ දෙකය. චිත්‍රයක් නිම කිරීමට පෙර වර්ණ සහ රේඛා පවතින්නේ ක්රියාවලිගත නොවූ දත්ත හැටියට ය. අමු ද්‍රව්‍ය හැටියට ය.වර්ණ, රේඛා යන්නට හැඩතලද චිත්රයේ මුලිකාංගයක් කොට චිත්‍රය අර්ථකථනය කිරීම අතාර්කිකව කාලාන්තරයක් තිස්සේ චිත්‍ර කලා අධ්‍යාපනය තුළ කරන දෙයකි. හැඩතල පමණක් නොව වයනය (Texture ), පැහැය, අවකාශය, වස්තු වල දෘශ්‍ය ස්කන්ධ පරිමාවේ ස්වභාවය (Value ) පැහැ අන්තර පරිමාව ( Visual Volume ) ආදී ඔනෑම මූල ගති ලක්ෂණයක් වර්ණ සහ රේඛා මගින් සාක්ෂාත් කරවන ගතිකයන් මිස චිත්‍රනයට ඉවහල් කර ගන්නා මුලිකාංගයන් නොවේ. එහෙත් මේවා චිත්රණයේ ගති ලක්ෂණ සමගම බැදී පවතින අවියෝජනීය ගති ලක්ෂණයන් ය. ඕනෑම කෙනෙකුට චිත්‍රයක් නිම විය හැකි නමුත් වෘර්තීය සිත්තරෙකුට තම කෘති මගින් මුලිකාංග හා චිත්රමය ගති ලක්ෂණයන් තමන් අතින් හැසිරවෙන ආකාරය පිලිබඳ අවබෝධයක් සේම තක්සේරුවක් තිබිය යුතුය. වර්ණ සහ රේඛා මගින් චිත්‍ර නිමවන නමුත් නරඹන්නාට පෙනෙන්නේ ගති ලක්ෂණය. කෙතරම් ගති ලක්ෂණ දෘශ්‍යමාන උවත් කෘතිය තුළ අධිනිශ්චය වන්නේ බොහෝ විට එක ගති ලක්ෂණයකි. එය කුමක්ද යන්න වෘතීය සිත්තරෙකුට තේරුම් ගැනීමට බැරිකමක් නැත.
චිත්‍ර කලා විචාරය මගින් මුලික වශයෙන් විය යුත්තේ චිත්‍ර කලාවේ මුලිකාංග මගින් අධිනිශ්චය කරන ගති ලක්ෂණයත්,අවශේෂ කරන ලද ගති ලක්ෂණ වලත් උචිතානුචිතභාවය කොතරම් දුරට කෘතියේ අන්තර්ගතය සමග සවුන්දර්යයාත්මකව අදාළ වන තරම පරීක්ෂා කිරීමය. තක්සේරු කිරීමය.චිත්රණය තුළ හැගීම් සහ අර්ථ යනු ද්විතීයක කාරණයකි. අද්දැකීම් තිබුණ තරමට , සමාජ දෘෂ්ටීන් තිබුණ තරමට, ආවේදන ආවේශයක් තිබුණ තරමට භාෂාව පිලිබඳ දැනුම හා පරිචය නැති කිසිවෙකුට කෙටි කතා, නව කතා ලිවිය නොහැකි සේ චිත්රණයේදීද වඩාත් ප්රශස්ත කෘති නිමවීමට චිත්‍රණ භාෂාව පිලිබඳ දැනුම හා පරිචය ප්‍රමුඛය. අර්ථ විරහිත උවද ආවේදන සන්තතීන්ගෙන් තොර උවද චිත්රනයේ මුලිකාංග ඇසුරින් සාක්ෂාත් කරවන ගති ලක්ෂණ තුළ පමණක් උවද සවුන්දර්යයක් ඇත. දක්ෂ සිත්තරෙකුට බලාගෙන අඳින හෝ පින්තාරු කරන නිශ්චල ද්‍රව්‍ය සම්පිණ්ඩනයක් තුළට පමණක් උවද අර්ථ හා හැගීම් කා වද්දවා ප්රශස්ත සවුන්දර්ය අද්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දිය හැකිය.
90 දශකයේදී ලංකාව තුළ වූයේ ශරීරයකට ඇඳුමක් අන්දවනවා වෙනුවට ඇඳුමකට ශරීරය අන්දවනවා සේ චිත්‍ර කලා කෙතට පැමිණි පුරා විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය, මනොවිශ්ලේෂණය, මානව විද්‍යාව, බුදු දහම, ව්‍යුහවාදය....ආදී විවිධ විෂයන් පිළිබද දනුමවල් වල වහල්භාවයට චිත්‍ර කලාව පත් වීමය. එම නිසා දැන් චිත්‍ර කලාව යනු කටින් කරන විෂයකි. චිත්‍ර කලාවේ ශිල්පීය අංශයත් ආවේදන අංශයත් හුදෙක් තර්කමාන යටතේ හසුරුවන සැනකෙලිකාරක - කෘත්‍රීම - ජනප්‍රිය විෂයක් බවට දැන් පත්වෙමින් ඇත.
සුජිත් රත්නායක