අපිට ජාතියේ මහා ගාන්ධර්වයන් සිටිති. ජාතියේ මහා ගායිකාවන් සිටිති. ශාස්ත්‍රීය ගායනා ශෛලීන් මෙන්ම සුබාවිත ගීතය නව පරපුරට රසවින්දනය කරනු පිණිස රැුකදෙන්නට හැකි වටිනාකම් ඇති පිරිස් සිටිති. එමෙන්ම අපගේ ගීත ලෝකය විනාශ කර නීරස වචන සඳහා සංගීත භාන්ඩ හඩවා ගීත යැයි සිතා අන්තර්ජාලයේ මුදාහරින මෙලෝ රසයක් නැති අර්ථ හීන රස හීන මොනවාදෝ අසන්නට තිබේ. දකින්නට ද තිබේ.
පසුගිය සුපර්ස්ටාර් වැඩ සටහනක භාෂි මධුු භාෂී කෙනෙක් නිසා බොහෝ අය අතර විවිධ කතාබහට ලක්වූ මාතෘකා සැදිණි. දැන් මේ භාෂි මධු භාෂි ව බොහෝ අයට අමතක ව ගොස් ය. එමෙන්ම මේ සුපර්ස්ටාර් කන්සෙප්ට් එක ද අවුට් ඔෆ් ඩේටිය.සුපර්ස්ටාර්ස් ලා වෙනුවට ලෝකයේ නව කන්සෙප්ට් හඳුන්වාදෙන කණ්ඩායම් දැන් විවිධ රියැලිටි වැඩ සටහන් ලෝකයට හඳුන්වා දෙමින් තිබේ.හඳුන්වා දෙන මේ කන්සෙප්ට් ටෙලිවිෂන් රසිකයින්ට විවිධ රස ලබාදෙන වැඩ සටහන් බවට පත්ව තිබේ.
මිනිසුන් අසා සිටීමට කැමතියි. බලා සිටීමට කැමතිය. තමන්ට යමක් සිදුනොවනවානම් අනෙක් මිනිසුන් ට වෙඩි තබා මරාදමනවා බලා සිටින්නට වුවුද කැමතිය. එවන් රියැලිටි වැඩ සටහන් වුව නොකා නොබී හෝ බලා සිටිනු ඒකාන්තය.
අපේ රටේ පසුගිය කාලයේ විවිධ ගායක ගායිකාවන් බිහිවිය. මේ ගායක ගායිකාවන් ගේ හැකියාවන් නොහැකියාවන් විවිධා කාරය. මතු පිටට නොපෙන්වන නොපෙනෙන බෙලි කැපිලි ඒ අතරින් ජාති ආගම් බෙදීම් ඇතුලු අනවශ්‍ය සහ කුහකත්වය මැනවින් ප්‍රදර්ශනය කරන, ප්‍රදර්ශණය වන අවස්ථා බොහොමයක් මේ ක්ෂෙත්ර තුළ ගැවසෙන අයට අහන්නට දකින්නට තිබිණි.
ප්‍රවීණයෝ නව යොවුන් පරපුරේ දක්ෂයන් පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටී. දක්ෂතා අගයන්නට ස්වෙච්ජාවෙන් ඉදිරිපත් නොවේ. පුවත් පත් හෝ ටෙලිවිෂන්සාකච්ජාවක වර්තමාන පරපුරේ දක්ෂයන් පිළිබඳව හෙළි නොකරයි. කුමක්දෝ කුහක බවක් පෙන්වයි.
නමුත් මේ ඔබ අසන්නට සූදානම් වන ඔබ අසා ඇති මේ හඩ ට කුහක කම් කර පළක් නැත. මන්ද මේ හඩ ට ආදරය කරන පිරිස් ඇගේ දක්ෂතාවන්ට ආදරය කරන පිරිස් බොහෝය. මේ හඩ අප ගායන, සංගීත ක්ෂෙත්රයේ වෙනස් වූ අපූර්ව වූ එඩකිත උමාරියා සිය ගායන කෞෂල්‍ය උත්කර්ෂයට නංවමින් මේ ගයන ගීය අසන්න. මේ ගීය සම්ප්‍රදායෙන් වෙනත් මානයකට ඔසවා තබන අපූර්වත්වය බලන්න. අමරදේවයන් ගේ ගීය තුළින් නොව ඇයගේ අනන්‍යතාවයෙන් මේ ගීය රසවිඳින්න. මේ අපූර්වත්වය විඳගන්න.
අපි කුහක නොවී උමාරියාගේ මේ හඩ අපේ කාලයේ අපට විඳිය හැකි හඩක් බව තේරුම් ගමු.