පස්වෙනි වතාවට පවත්වන ලද යාපනය අන්තර්ජාතික සිනමා උළෙල මෙවරත් සාර්ථකව පවත්වන්නට අනෝමා රාජකරුණා සහ පිරිසට හැකියාව ලැබී තිබිනි. කොළඹ නගරයට සාපේක්ෂව යාපනය වැනි පහසුකම් අඩු නගරයක ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙලක් පැවැත්වීම යාපනයසිනමා ලෝලීන්ගේම වාසනාවකි.. එය ආශ්චර්යයකි.
අනෝමා මෙම උත්සවය පවත්වනනේ බොහෝ කැපකිරීම් කරමිණි.ඇය කොළඹ අන්තර්ජාතික සිනමා උළෙලත්, අන්තර්ජාතික කාන්තා සිනමා උළෙලත් වශයෙන් සිනමා උළෙල කිහිපයක්ම කරට ගෙන සංවිධාන කටයුතු පමණක් නොව චිත්‍රපට විවිධ රටවවලින් කලට වෙලාවට ගෙන්වා ගනිමින්, ඒවා ප්‍රදර්ශණය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගනිමින් මෙන්ම, එය නිසි ශාලාවට නිසි ප්‍රමිතියෙන් ලැබී ඇතිදැයි සොයා බලමින් සියළු කටයුතු මෙහෙයවන්නීය. ඇයට සහයෝගය දෙන්නේ තරුණ සිනමා ශිල්පීන් පිරිසක් මෙන්ම ඇයට කවදත් ඇයගේ නිර්මාණ ජීවිතයේදී සහයෝගය දෙන අති සමීප පිරිසකි.
අනෝමා ඇජෙන්ඩා ෆෝටීන් හරහා කෙටි චිත්‍රපට සිනමා කරුවන් වෙනුවෙන් බිත්රාන්ය කවුන්සිලය ජර්මන් තානාපති කාර්යාලය ප්‍රංශ තානාපති කාර්්‍යාලය ඇතුළු බොහෝ දෙනෙකුගේ සහාය ලබාගනිමින් අනාගත සිනමා කරුවන් වෙනුවෙන් සිය කාලය ශ්‍රමය පමණක් නොව ධනය ද කැප කරන්නියකි.
මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙල වෙනුවෙන් ප්‍රසන්න විතානගේ ගේ සිනමා නිර්මාණ කිහිපයක් මෙන්ම, අශෝක හඳගමගේ අසන්ධිමිත්තා සහ නවතම කෙටි චිත්‍රපටයක්ද විසාකේසගේ පාංශූ සහ අශෝක අතාවුදහෙට්ටිගේ කන්දක්සේමා ද ප්‍රදර්ශණය විය. එමෙන්ම තරුණ සිනමා කරුවන් සිනමා කාරියන් කිහිප දෙනෙකුගේ කෙටි චිත්‍රපට කිහිපයක්ද ප්‍රදර්ශණය විය.
අන්තර්ජාතික සිනමා නිර්මාණ නියේජනය කරමින් ජර්ම්නිය, නවසීලන්තය, ප්‍රංශය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරාණය ඇතුළු තවත් රටවල් කිහිපයක සිනමා නිර්මාණ දින 06ක් පුරා යාපනය මැජෙස්ටික් සිනමා සංකීර්ණයේ සහ යාපනය විශ්වවිද්‍යාල සිනමාගාරයේදී ප්රදර්ශණයකරණු ලැබීය.
විදෙස් චිත්‍රපට නැරඹීමට මෙන්ම ප්‍රසන්න හඳගම සහ විසා, අශෝක ගේ චිත්‍රපට නරඹන්න දමිළ සිනමා පේ්රක්ෂකාගාරයක් සිටීම සතුට දනවන්නක් විය.
යාපනය විශ්ව විද්‍යාලයේ සිනමා ශාලාව චිත්‍රපට නැරඹීමේදී යම් යම් අඩුපාඩු තිබුනද පේ්රක්ෂකයන්ට එය බාධාවක් නොවීය. පේ්රක්ෂකයන් සිනමා නිර්මාණ සමග කොතරම් ඒකාග්රතාවයකට පත්ව සිටියාද යනු සිනමා ශාලාවෙන් සැබෑ පේ්රක්ෂකයන් ගෙන් අසුනු හිනා හඩවල් අත්පුඩි සහ විසිල් හඩවල්වළින් අවබෝධ විය. පාසල් ළමුන් සිනමාව රසවින්දේ එලෙසිනි. ඒ සැබෑ සිනමා රසික පරපුරකි.
කොළඹින් පැමිණ සිටි මාධ්‍යවේදීන් පිරිසක්ද විය. ගුණසිරි සිල්වා, අරුණ ගුණරත්න, රමේෂ් උවයිස්, ෂර්ලි සමරසිංහ, බර්ටි, අජිත් පෙරේරා ඇතුළු කණ්ඩායම බොහෝ සිනමා නිර්මාණ ඉතා උනන්දුවෙන් නරඹා රසවින්දාය.
භූතාන් සිනමා නිර්මාණය වෙනුවෙන් එහි සංස්කාරක වරයා වූ සමන් ඇල්ිවිටිගලද ඉන්දියානු සිනමා පටය වෙනුවෙන් අමිතාබ් චැටර්ජිද අශොක් හඳගම ප්‍රසන්න විතානගේ සුමිත්‍රා රාහුබද්ධ සමන් වික්‍රමාරච්චි නීටා ප්‍රනාන්දු මෙන්ම කොටි සිනමා නිර්මාණකරුවන් කිහිප දෙනෙක්ද සම්මාන ලාභීන්ද මෙම උළෙල සඳහා සහභාගී විය.
සිනමා උළෙලේ කෙටි චිත්‍රපට අංශය වෙනුවෙන් ජූරිය ලෙස කටයුතු කරණු ලැබූයේ,අශෝක හඳගම, හෙලන් බ්ලේක්මන් (යූකේ) සහ රොබර්ට් කෲෂ් ය. වෘතාන්ත චිත්‍රපට අංශයේ ජූරිය වූයේ ආචාර්ය නෙලුෆර් ඩි මෙල්, වී.කේ .ජෝෂප් (ඉන්දියාව) කයත්රි දිවාකලාල ය.
යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ ජීවිතයේ එක්වරක් පමණක් ලබන ගෞරව සම්මාන හිමිවූයේ ස්වර්ණා මල්ලවආරච්චි රංගන ශිල්පිණියට සහ ඉන්දියාවේ වීකේ ජෝෂප් නම්වූ සම්මානණීය සිනමා විචාරකයාටය.
යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන ලාභීන් මෙසේය.
පේ්රක්ෂකාගාර සම්මානය -THe Ruins - වනීතා සේනාධිරාජා
පළමු ප්‍රදර්ශණයේ හොඳම සිනමා නිර්මාණය- Soundless Dance - ප්‍රදීපන් රවීණ්ද්රන්
හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය-Forget Me Not -අන්වර් ජොහාන් හෝ (මැලේෂියාව)
සිලෝන් තියටර් සමාගම විසින් දේශීය හොඳම කෙටි සිනමා නිර්මාණය -Generations - භවනීතා ලෝගනාදන් ට හිමිවූ අතර සිනමා සම්මාන වෙනුවෙන් නිර්දේශිත වූ සිනමා නිර්මාණයන්හි අධ්‍යක්ෂවරුන්ට සහතික පත් ද පිරිනමන ලදී .
මෙහිදී යාපනය සිනමා උළෙලේ මාධ්‍ය කාර්්‍ය භාරය ඉටු කිරීම වෙනුවෙන් අරුණ ගුණරත්න, රමේෂ් උවයිස් සමන්ත යහම්පත් සුසිත ආර් ප්‍රනාන්දු සහ සූරියන් එෆ්එම් ගුවන්විදුලි නාලිකාවට ඇගයීම් සහතික පිරිනැමිණ.
මේ සියල්ල පිටිපස සිටි දැවැන්ත ශක්තිය අනෝමා සහ පිරිසය. මේ සඳහා බොහෝ තානාපති කාර්්‍යාල මෙන්ම සිලෝන් තියටර්ස් සමාගම ඇතුලු පිරිසක්ද සහයෝගය ලබාදී තිබිණ.
දේශී්‍ය සිනමාකරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශාල කැපවීමක් කරන්නාවූ අනෝමා ඇතුළු සංවිධායක කණ්ඩායමේ සියලු දෙනාටත්,සියලු සම්මාන ලාභීන්ටත් මිරර්ආර්ට්ස් හි උණුසුම් සුබපැතුම් එක්කරන්නෙමු.
ජායාරූප- මිරර්ආර්ට්ස් සතුය