ස්වර ණා මල්ලවආරච්ච් නම්වන අභිමානවත් රංගවේදිනිය අද (අගෝ01 ) ස්වකීය 75 වැනි ජන්ම දිනය සමරන්නීය
75 වසරක් පිරුණත් ස්වර් ණා අදටත් සුන්දරය ! නීරෝගීය !! අභිමානවත්ය!!1
ස්වර් ණා අභිමානවත් වන්නේ හුදෙක් රංගවේදීනියක ලෙස පමණක් නොවේ.
තමන් ඉදිරියේවූ සියලුම අභියෝග වලට මුහුණ දෙමින් තනිවම නැගී සිට ජිවිතය ජයගත් ස්වාධින කාන්තාවක ලෙසිනි.
විටෙක මරණය ඉදිරියේද නොබියව සටන් කොට ජීවිතය ජයගන්නටද ඇය සමත් වූවාය. ඒ ඇය අතිශය අවදානම් සැත්කමකට මුහුණ දුන් අවස්ථාවේදීය. සැත්කම සිදු කරන්නට මොහොතකට පෙරද සැහැල්ලුවෙන් ශල්‍යාගාරය වෙත ගිය බව කියන ස්වර් ණා සැත්කමින් පසු සුව ලබා නොබො කලෙකින් ඇගේ ශල්‍යකර්මය සාර්ථකව සිදු කළ වෛද්‍ය නෙඔමාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘දඩඉම ‘ චිත්‍රපටයෙන් නැවතත් සිනමා රංගනයට පිවිස සුපුරුදු රංග ලිලාවන් ප්‍රකට කළාය.
එය ස්වර ණා නැවත ඉපදීමක් බඳුය.
ස්වර් ණා රංග භූමිකාව දශක පහක් ඉක්මවා දිව යයි
එවන් ඉතිහාසයක් ඇති ඇගේ රංග භාවිතාවන් පිළිබදව දීර්ඝව විමසිය යුතු කාලය එළැඹ තිබේ.
මහාචාර්ය සිරිගුනසිංහ විසින් ‘සත්සමුදුර ‘ සදහා සොයා ගත් ස්වර් ණා ගේ මුහුණේ සුවිශේෂත්වය දෙවනුව හඳුනාගන්නේ සුගතපාල සෙනරත් යාපා ය. යාපා ගේ ‘හන්තානේ කතාව’ තුළින් විතසිත වන ස්වර් ණා සුවිශේෂී භාව ලීලාවන් ඊළඟට හඳුනාගන්නේ 70 දශකයේ ලාංකේය සිනමාවේ නව සිනමාවකට ඉව ඇල්ලූ මහගම සේකර (තුංමං හංදිය) , රංජිත් ලාල් (නිම්වළල්ල) , ධරමසේන පතිරාජ (අහස් ගව්ව) , සතිස්චන්ද්‍ර එදිරිසිහ (මාතර ආච්චි) ආදී ප්රවනතාත්මක සිනමාවේ කොටස්කරුවන්ය.
80 දශකයේදී පතිරාජ එල්. එස් දයානන්දගේ ‘සිංහබාහු’ ඔස්සේ ස්වකීය නිළි ජීවිතයේ දෙවන සම්ප්‍රාප්තිය අරඹන ස්වර් ණා ස්වකීය රංගන ජීවිතයේ ස්වර් ණමය යුගයකට දොරගුළු විවර වන්නේ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’ තුළිනි. අනතුරුව සවර් ණ ඇගේ අද්විතීය රංගන චාරිකාව අරඹන්නේ වසන්ත ඔබේ සේකරගේ ‘දඩයම ‘ චිත්‍රපටයේ රත්මලීගෙ චරිතයට ඉහළම සාධාරණත්වය ඉටු කරමිනි.
ඉන් අනතුරුව එළැඹෙන්නේ එතෙක් ලාංක්ය සිනමාවට එතෙක් විෂය නොවූ සංකීර් ණ තේමාවන් සහ එකී තේමාවන් සහිත චිත්‍රපටවල අතිශය සංකීර් ණ චරිත රැගත් ’සුද්දිලාගේ කතාව’ ‘සාගර ජලය’ ‘භව තරණය’ ‘බව දුක’ ‘කැඩපතක චායා’ වැනි චිත්‍රපටවල එකී චරිත අභ්යත්තරයන් විදාරණය කරමින් ස්වර් ණා රංග භාවිතාවේ ඉහළම ප්‍රතිභාව ප්‍රකට කළ යුගයයි.
ලාංකේය නිළි පරපුරේ තුන්වැනි යුගය නියෝජනය කරන ස්වර් ණා එකී යුගයේ සෙසු නිළියන් අතරින් අදටත් , එදා පරපුරේ මෙන්ම වත්මන් පරපුරේද ජනප්‍රියත්වයට, ගෞරවයට සහ ආදරයට ලක්ව සිටින්නට සමත්ව සිටීමේ රහස . ඇගේ රංගනයට පිටු දුන් සමාජ සවිඤ්ඤාණිත්වය සහ යාවත්කාලින බව යයි සිතමි.
ස්වර් ණා වෙනස්වන ලෝකය තුළ යාවත්කාලීනවූ රංගවේදිනියකි. ඇය මේ රටේ 77 න් පසු මේ රටේ වෙනස්වූ සමාජ බලවේගවලට අනුව වෙනස්වූ මිනිස් ජීවිතවල බාහිර සහ අභ්‍යන්තර හැඩ තලද, ඒවායේ සංකීර් ණතා ද මනාව ග්‍රහණය කරගත් අයුරු, අනුව දශකයෙදි සිනමාවට පිවිසි සිනමාකරුවන්ගේ නිර්මාණවල රංගනයෙන් පෑ පෙළහර තුළින් පැහැදිලි වෙයි. අශෝක හඳගමගේ ‘චන්ද කින්නරී’ සහ ප්‍රසන්න විතානගේගේ ‘අනන්ත රාත්‍රිය’ චිත්‍රපටවල ස්වර් ණා ගේ රංගනයන් ඊට දෙස් දෙයි.
දශක හතරක් පුරා දිවයන ස්වර් ණා ගේ රංගනය ගැන කතා කරන්නට බොහො දේ ඇත. මීට ඒ ගැන ලියා ඇති බැවින් මේ අවස්ථාවේ වැඩිදුර නොලියමි. එහෙත් කිව යුත්තක් ඇත. ස්වර් ණා ගේ සමස්ත රංග කාර්ය යනු රංග අභ්‍යාස ඇකඩමියකි. ඒ ඇකඩමියට ඇතුළුවන නවක නිළියකට මෙන්ම. සිනමා අධ්යක්ෂවරුනටද රංගනය සම්බන්ධයෙන් හදාරන්නට ලැබෙන දෑ බොහෝය.
ගුණසිරි සිල්වා