lan englan tam

O Oපේ

'ආයුබෝවන්' කියන ආමීර්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

90 දශකයේ හින්දි සිනමාව හෙවත් බොලිවුඩය හැඳින්වීමට හේතු වුණ මුහුණු අතරින් ආමීර් ඛාන් යනු බොලිවුඩයේ ප්‍රමුඛතම 'ඛාන් රජුන්' තිදෙනා අතරින් එක් නළුවෙකි.

'ඛයාමත් සේ ඛයාමත් තක්' චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පය තබා, පළමුව ආසියාවත් දෙවනුව ලෝකයත් තමන් වෙත ආකර්ෂණය කරගැනීමට සමත් වූ හින්දි සිනමාවේ කඩවසම් මුහුණු අතර ප්‍රමුඛයා වීමටද ආමීර් එවකට සමත් විය.
දිල්, දිල් තේරා ආශික්, දිල් හේ කෙ මාන්තා නහී, රාජා කො රාණි සේ ප්‍යාර් හෝගයා, රාජා හින්දුස්ථානි, ගුලාම් යනාදී අදටත් ජනප්‍රියතම සිනමා නිර්මාණ සහ එහි ගීත කෙරෙහි රංගනයෙන් දායක වෙමින් ආමීර් ලබා ගත් ජනප්‍රියත්වය හේතුවෙන් ඔහු බොලිවුඩයේ ස්ථාවර නළුවකු බවට පත් විය.
2000 දශකයේදී සිනමා නිෂ්පාදනයට යොමු වූ ආමීර් ලගාන්, මංගල් පාණ්ඩේ, ගජිනි, ධූම් 03 වැනි චිත්‍රපට කෙරෙන් තමන් තුළ පවතින වීර සහ ප්‍රතිවීර චරිත රඟපෑමේ හැකියාව පෙන්වා දුන් අතර 3 Idiots, PK, තාරේ සමීන් පර්, දංගල් සහ අලුතින්ම නිෂ්පාදනය කළ 'ලාපතා ලේඩීස්', සිතාරේ සමීන් පර් අනාගත හින්දි සිනමාවේද විශිෂ්ට සහ වෙනස් තේමා රැගත් දුර්ලභ සිනමා නිර්මාණ වනු ඇත.
එළඹෙන වසරේදී වයස අවුරුදු 60 සපුරන ආමීර් මේ වන විට විවාහ වූ දරුවන් සිටින පියෙකු වේ. ඔහුගේ ජීවිතයෙන් හරි අඩකට වඩා එනම්, දශක හතරක් පමණ ගෙවා ඇත්තේ සිනමාව වෙනුවෙනි.
ආමීර් සිනමාවෙන් සමුගන්නා බව පසුගිය සතියේ ඉන්දීය පුවත් වාර්තා පැවසූ අතර ඔහු පවසන ආකාරයට ඔහුගේ අවසන් දශකය ඵලදායීව ගත කිරීමට තමන්ට ඉඩ තිබිය යුතුය. පසුගිය දශකය ආමීර් ගෙවා ඇත්තේ අසීරුතා මධ්‍යයේ බව ඔහු විසින් පවසනු ලැබුවත් එය නිසැකවම මූල්‍ය හෝ වෙනත් අසීරුවක් නොව නිර්මාණකරණයේ අඩුවෙන් නියැලීමේ අසීරුතාව වන බව ආමීර්ගේ පසුගිය දශකය ගැන විමසා බැලූ විට පෙනෙන්නට තිබේ.
ඒ අනුව ආමීර් සිනමාවට 'ආයුබෝවන්' කියන බවට ඇතැමුන් ප්‍රකාශ කර තිබුණත් තමන්ගේ වැඩ කිරීමේ හැකියාව ඇති අවසන් දශකය ලෙස ආමීර් එළඹෙන දශකය ගැන සිතීම හේතුවෙන් ඔහු නිර්මාණ 06කට එකවර සම්බන්ධ වීමට තීරණය කර තිබෙන බව ආමීර් පවසා තිබේ.
ඔහු ඉන් 'ආයුබෝවන්' කියන්නේ පැරණි දශකයට මිස ඔහුගේ වෘත්තීයට බව නම් කොතැනකවත් කියා නොමැත. ඔහු ඉන්දියාවේ හොලිවුඩ් වාර්තාකරුවෙකුට කියා තිබුණේ "මම ජීවිතේට කවදාවත් චිත්‍රපට හයක් එකට බාරගෙන නැහැ. මේ පාර එහෙම කළා. ඒකට හේතුවක් තිබුණා. ඒ 'මම දැන්ම චිත්‍රපටවලින් අයින් වෙන්නේ නෑ' කියලා තීරණය කළත් මට ඊළඟ සිතුවිල්ල ආවේ මගේ සක්‍රීය සිනමා ජීවිතයේ අවසාන වසර 10 මෙය විය හැකියි." යනුවෙනි.
ආමීර් සිනමාවෙන් ඉවත් වන්නේද නැද්ද යන්න පිළිගැනීම ඔහුගේ ඉදිරි වසර පමණක් ඔහුගේ රසිකයින්ට පෙන්වා දෙනු ඇත.

ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom