lan englan tam

බොමුද ජින්ජර් බියර් එකක් ?

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

ජින්ජර් බියර් ශ්‍රී ලාංකිකයන් අතර ඉතාම ජනප්‍රිය පානයක්. විශේෂයෙන්ම සැරට සෑදු මස්, මාළු වැනි දෑ අඩංගු ආහාර වේලක් ගන්නා අතර තුර ශීත කළ ජින්ජර් බියර් පානය කිරීම සමහරුන්ගේ පුරුද්දක්. මේ පානය සාදා ගැනීම ඉතාමත් ලෙහෙසි කටයුත්තක්. ඉතින් මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ නිවසේදීම ජින්ජර් බියර් සාදාගන්නා පිළිවෙල පිළිබඳවයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඟුරු ග්‍රෑම් 500
  • දෙහි ගෙඩි 4
  • සීනි මේස හැඳි 7
  • සෝඩා බෝතල් 1 ½
  • කරාබු නැටි 10

සාදාගන්නා ආකාරය

  • ඉඟුරු හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා කරාබු නැටි සමඟ බ්ලෙන්ඩර් කරගන්න. පොතු ඉවත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ.
  • බ්ලෙන්ඩර් කිරීමෙන් ලබා ගත් පේස්ට් එකට වතුර කෝප්පයක් දමා යලිත් වරක් බ්ලෙන්ඩර් කරගන්න.
  • එම උකු මිශ්‍රණය රෙදි කැබැල්ලකින් මිරිකා බඳුනකට පෙරා ගන්න.
  • පෙරාගෙන ඉතිරි වූ ඉඟුරු රොඩු නැවතත් බ්ලෙන්ඩර් කරගෙන යලිත් වරක් පෙරා ගන්න.
  • එයට දෙහි ගෙඩි 4 යුෂ එක්කරන්න.
  • සෝඩා බෝතල් 1 ½ සහ සීනි දමා හොඳින් මිශ්‍ර කරගන්න. ජින්රාජ් බියර් තිබිය යුත්තේ තරමක් සැරට මිස පැණි රසට නොවන නිසා වැඩියෙන් සීනි එක් කිරීම නොකළ යුතුයි.
  • පැය දෙක තුනක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.  

-goodhousekeeping-

Back to top
Go to bottom

Popular News