lan englan tam

මෙක්සිකානු නළු ෆෙරාට් මිය ගියේ ඌරු මස් කෑමෙන්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඌරු මස් යනු බොහෝ දෙනෙකු ප්‍රිය කරන රසවත් ආහාරයක් නමුත්, ආගමික හෝ වෙනත් හේතූන් මත සමහර පාර්ශ්ව විසින් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන්නකි. 'ලංකා ඌරු මස් සංසදයේ' අද (15) දිනයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිව තිබුණේ මෙක්සිකානු නළු සෙබස්තියන් ෆෙරාට්ගේ මරණය සිදු වී තිබුණේ ඔහු ජීවිතයේ බොහෝ කාලයක් ඌරු මස් ආහාරයට ගැනීම හේතුවෙන් බවත් ඒ අනුව එය ආහාරයට නොගත යුතු ආහාරයක් බව බොහෝ දෙනා දැනගත යුතු බවට වන හෙළිදරව්වක් සමගිනි.

ඉහත මෙක්සිකානු ජාතික වේදිකා සහ රූපවාහිනී නළුවෙකු වූ ෆෙරාට් මිය ගියේ සිස්ටිසර්කොසිස් (Cysticercosis) නම් වූ රෝගයෙනි.
සිස්ටිසර්කොසිස් රෝගය බොහෝ විට සෑදෙන්නේ පටිපණුවන් වාහකයන් ලෙස හඳුනාගත් සතුන්ගේ (ඌරන් වැනි) මළපහවල ඇති පටි පණුවන්ගේ බිත්තර සහිත ආහාර පරිභෝජනයෙනි. ඌරු මස් එවැනි ප්‍රධානම ආහාර ප්‍රභවයකි. බොහෝ විට ඌරුමස්වල මෙම අන්තර්ගත වී ඇති අතර මෙම තත්ත්වය එළවළුවලද නිසැකවම තිබිය හැකිය.
ෆෙරාට්ගේ රෝගී තත්ත්වය 2019 ඔක්තෝබර් මසදී හඳුනාගෙන මාස දෙකකින් අනතුරුව ඔහු මිය ගොස් ඇත. වෘත්තීය රංගන ශිල්පියෙකු වී වසර 15ක් ඇවෑමෙන් ඔහු සිය ජීවිතයෙන් සමුගන්නේ සිස්ටිසර්කොසිස් රෝගය හේතුවෙනි. හොඳින් නොපිසූ ඌරු මස් අනුභවය යනු මෙම තත්ත්වයට නිසැකවම පසුබිම ඇති කරන තත්ත්වයකි. විද්‍යාත්මකව ගත් කළ අධික උෂ්ණත්වයේ පිසූ ඌරුමස්වල මෙම තත්ත්වය ඇති වන්නේ නැත. එසේම ඌරු මස් මෙන්ම සෑම මස් වර්ගයක් හොඳින් පිසීමෙන්, එළවළු වර්ග හොඳින් සේදීමෙන් ආහාරයට ගැනීම මෙම රෝගයෙන් වැළකීමට ප්‍රධාන මාර්ග දෙකක් ලෙස වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙනු ලබයි.
එහෙයින් සෙබස්තියන් ෆෙරාට්ගේ මරණයට හේතුව 'ඌරු මස් සංසදයේ' සඳහන් කළ ආකාරයට ඌරුමස් ආශ්‍රිතව වෙසෙන පටිපණු බිත්තර හේතුවෙන් වීම සත්‍යයක් වුවත්, හොඳින් නොපිසූ (උෂ්ණත්වයේ තැම්බූ) ඌරුමස් ආහාරයට නොගැනීමෙන් ඔහු මෙම රෝගයට ගොදුරු වූ බව සඳහන් නොකිරීම ඌරු මස් ලෝලීන් බියට පත් කරන විවාදාත්මක සිදුවීමක් වී තිබිණි.
මෙක්සිකානු ජනතාව සාමාන්‍යයෙන් මාංශමය රසවත් ආහාර ගැනීමට ප්‍රිය කරන අතර පිටතින් සකස් කළ ආහාර ගැනීමටද නැඹුරුතාවක් දක්වන වටපිටාවක් සහිත පිරිසකි. ෆෙරාට්ටද මෙම තත්ත්වය බලපෑවා වෙන්නට පුළුවනිය. එහෙයින්, ඌරු මස් ලෝලීන් කඩේ ඌරුමස් කෑමෙන් වැළකී සිටීමත් මෙම තත්ත්වයෙන් මිදීමට වඩා යහපත් මගක් පාදනු ඇත.

Back to top
Go to bottom

Popular News