දැකුම්කළු සුන්දර කෙස් කලඹක් යුවතියකගේ සුන්දරත්වයට එකහෙළාම බලපානවා. එනමුත් අතීතයේ අප දුටු එවන් සුන්දර කෙස් කලඹක් හිමි යුවතියන් අද දක්නට නොලැබෙන තරම්. එවන් රුවැත්තියක් දුටුවත් ඒ කලාතුරකින්. එසේ වන්නේ ඇයිදැයි සිතනවාට වඩා එවන් සුන්දර කෙස් කලඹක් ලබාගන්නෙ කොහොමද කියල හිතුවොත් හොඳයි නේද ?
නිවැරදිම පිළිවෙත හෙනා සත්කාරය ....
සැබැවින්ම සුන්දර කෙස් කලඹක් ලබාගන්නට ඇති හොඳම විසඳුමක් ලෙස හෙනා සත්කාරය දක්වන්න පුළුවන්. හිසකෙස්වලට හොඳ පෝෂණයක් ලබාදෙන සැබෑ ම සත්කාරයක් ලෙස හෙනා හඳුන්වන්න පුළුවන්. මෙමගින් කෙස්වල ඝනකම වැඩි කර ගැනීම වගේම අකලට කෙස් සුදු වීම වලක්වාගෙන් හිස්සොරි නොමැති දීප්තිමත් කෙස් කලඹක් ලබාගන්නත් හැකියාව තියෙනවා .
හෙනා සත්කාරය කරන්නෙ කොහොමද ....
ස්වාභාවික මරතොන්ඩි කුඩු ඖෂධ වෙළෙඳ සැල්වල ගන්නට තියෙනවා. එහෙමත් නැත්නම් මරතොන්ඩි කොළ වාෂ්පයෙන් තම්බා අව්වේ වේලා කුඩු කර ගන්නත් පුළුවන්. කොහොම කළත් ගුණය එකයි. මෙයට කෝපි කුඩු හෝ තේ කහට එක් කිරීමෙන් තද වර්ණයක් ලැබෙනවා.
ඒ වගේම මේ සමඟ ඔලිව් තෙල් ස්වල්පයක්, යෝගට්, බිත්තර සුදුමද හා කහ මද එකතුවෙන් ලැබෙන පෝෂණීය අගය ඉහළ යනවා. උළුහාල් කුඩු, අරළු, රසකිඳ, දෙහි යුෂ, පොකුරු වදමල් ආදියෙන් ඔබට සපයාගත හැකි තරමක් එකතුකරන්නත් පුළුවන්. එමගින් සිදුවන්නේ කෙස් කලඹට ලැබෙන පෝෂණය වැඩි වීමයි.
සත්කාරය කරන්නෙ කොහොමද ....
ඉහත කී ද්‍රව්‍ය සාමාන්‍ය ජලයෙන් හෝ මද උණුසුම් ජලයෙන් අනාගන්න. එසේ අනාගත් මිශ්‍රණය පැය හයක් පමණ පදම් වෙන්න තබන්නට අමතක කරන්න එපා. පසුව හෙනා ආලේපකර පැය 1 1/2ක් 2ක් වගේ තබා ෂැම්පු හෝ සබන් නොදමා සෝදාහරින්න. විශේෂයෙන් හෙනා සත්කාරයේදී මේ ගැන හිතන්න. හෙනා කියන්නෙ සිසිල් කාරක ගුණයෙන් යුතු දෙයක්. ඉතින් වැසිබර දවසක, අරුණෝදයක, සැන්දෑවක හෙනා සත්කාරය සඳහා යොමු නොවීම වඩාත් වැදගත්. හිරු එළිය හොඳින් පවතින මොහොතක මේ සත්කාරයට යොමුවීම යහපත්. ඒ වගේම මේ සත්කාරයෙන් මාස හයක් ගතවෙන තුරු කෘතිම රසායන භාවිතා කරන කලර්,ෆර්ම්,රිබොන්ඩින් ආදිය කරන්න නම් බැහැ. මොකද හෙනාවල අඩංගු කහටවලින් කෙස් ගසේ ක්යුටිකල් ආවරණය වෙන නිසා. එනිසා රසායනික ද්‍රව්‍ය භාවිතා කරන විලාසිතාවන් ට යන අය මේ සත්කාරයේදී ටිකක් හිතන්නම වෙනවා. ඒ වගේම ඩයි සහ හෙනා සත්කාරය එකට පටලවා ගන්නත් එපා.
තමාරා