ඔලිවියර් සම්මානලාභී ශ්‍රී ලාංකික නළු හිරාන් අබේසේකර ලන්ඩන් නැෂනල් තියටර්හි වේදිකාවට යළි පැමිණ නියමිතය.
ඒ විචාරක පැසසුමට ලක් වූ The Father and the Assassin නිෂ්පාදනයට දායක වෙමිනි. ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඝාතනය කළ නාතුරාම් ගොඩ්සේගේ ප්‍රධාන චරිතය හිරාන් නිරූපණය කරයි. ඉන්දියාවේ නාට්‍ය රචකාවියක වන අනුපමා චන්ද්‍රසේකර් විසින් රචනා කරන ලද මෙම නාට්‍ය අධ්‍යක්ෂණය කර ඇත්තේ කිල්න් රඟහලේ කලා අධ්‍යක්ෂක වන බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉන්දු රූබසිංහම් විසිනි.
මාධ්‍යවේදියෙකු, ජාතිකවාදියෙකු සහ ගාන්ධි ඝාතනය කළ පුද්ගලයා වූ නාතුරාම් ගොඩ්සේගේ කතාව මෙම මෙම නාට්‍යයට පාදක වී ඇත.
'Life of Pi' නාට්‍යයේ ප්‍රශංසනීය රංගනයෙන් අනතුරුව හිරාන්ගේ මම රංගනය ගැන නාට්‍ය හිතකාමී ප්‍රේක්ෂකයින් බොහෝ බලාපොරොත්තු තබා ඇති බව වාර්තා වේ.
නාට්යාය ඔක්තෝබර් 14 වැනිදා දක්වා රංගගත වන අතර https://www.nationaltheatre.org.uk/productions/the-father-and-the-assassin/#gallery මගින් ලන්ඩන් ප්‍රේක්ෂකයින්ට ටිකට් වෙන්කරවා ගත හැකිය.
Source / Pic : National Theatre, London