lan englan tam

වතුකර සාහිත්‍ය ජනප්‍රවාදයෙන් යථාර්තවාදයට රැගෙන ගිය කවියා - සී.වී වේලුපිල්ලෛ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
මෙරට වතුකර සාහිත්ය ජනප්රවාදයෙන් යථාර්තවාදයට රැගෙන ගිය ප්රවීණ කවියෙකු වන කවි මිණි සී.වී වේලුපිල්ලෛගේ 109 වන ජන්ම දිනයට අදට යෙදි ඇත.

 වතුකර ජනයාගේ දේශපාලන අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව හඬ නැගු කවියෙක් ලෙස ද ඔහු හඳුන්වා දිය හැක.

 

ශත වස් ගණනක්
පැවැති අඳුර
පන්නා දමන්නට
මගේ දෙමළ ජනයා
හඬ නගයි කඳු ශිඛරයට
නැග
හඬ නගාවි නිම්නයෙන්
පහළ බැස
නිදහස් හඬ
ජය ගොස
වීර හඬ
නැගෙනු ඇසෙයි
වහල් බව
ඉවත ලන්නට
ඇරයුම් කරන
ප්රේමණීය හඬක්
සහෝදරයින්ට ඇසෙයි
ඡන්ද අයිතිය
පුරවැසිබාවය සමඟ
පුරවැසි අයිතියත්
ලැබෙයි ජයක් ලෙස
හුස්ම තුළට නිදහස
එක් වේවි
හුස්ම තුළ විමුක්තියේ
පහස විකසිත වේවි
කථනයේ වීර්යයත්
විශ්වාසයත්
ලැබෙන ජයෙන්
දිගු කල් දිවි ගෙවමු.
 
සෙයිදි ප්රකාශකයෝ - නුවර - 1969
කවි උපුටනය - සහෘදස්පන්දන ද්වි මාසික විද්යුත් සඟරාව | 2022 | මැයි - ජුනි කලාපය
Back to top
Go to bottom