lan englan tam

පුවත්

පිරිමින්ගේ දිනය වෙනුවෙන් Gentlemen Love

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
අද 19/11/2024 ජාත්යන්තර පිරිමි දිනයයි. HAPPY INTERNATIONAL MENS' DAY.

අද පිරිමින්ගේ දවසේ පිරිමි හැමෝටම සතුටු වෙන්න පුළුවන් ආදරනීය චිත්රපටයක් Gentlemen Love නමින් පිරිමි ඔබලා වෙනුවෙන්ම නොවැම්බර් 22වෙනිදා සිට තිරගත වෙනවා.

ගැහැණු හැමදාම දැනෙන්න හෙව්වෙම "පිරිමි ආදරයක්". ඒත් අද පිරිමින්ගේ දවසේදීවත් චුට්ටක් හිතලා බැලුවොත් පිරිමි කී දෙනෙක්ට තමන් ගැන ආඩම්බරයක් ඇති වෙයිද තමන් ගැහැණු වෙනුවෙන් කරපු කියපු දේවල් ගැන....
එහෙම පිරිමිත් ඉන්නවා.. "Gentlemen Love " චිත්රපටයේ ඉන්නේ එහෙම පිරිමියෙක්. ඔහුගේ වචනයෙන් කියනවනං ....
"මං ඔයාට මැරිලත් පැයක් ආදරේ කරන කොල්ලෙක්"...
ඔහු එහෙම කිව්වට පැයක් ආදරෙයි කියලා ඒක පැයකින් නතර වෙච්ච ආදරයක් නෙමෙයි. සංසාරේ පුරාවට ගැහැණියට දැනෙන්නම දුක සැප දෙකේදිම ළගින්ම දැනිච්ච ආදරයක්...
ආදරේට විවිධාකාර මිනිස්සු දෙන්නේ විවිධාකාර නිර්වචන. ඒ හැම එකක්ම එකිනෙකට සමානවුත් පරස්පරවුත් වෙන්නේ ඔවුන් ඒ නිර්වචනේ දෙන්නේ තමන්ගේ බුද්ධි මට්ටමට අනුව හා තමන්ගේ අත්දැකීම ඒ දෙයට සමපාත වෙන තරම අනුවයි. ඒ නිසා ඒ කිසි නිර්වචනයක් වැරදියි කියන්න විවේචනය කරන්න වෙනත් කෙනෙකුට අයිතියක් ඇත්තෙත් නැහැ.. යුක්ති සහගතත් නැහැ.
ඒ ආදර නිර්වචන වැඩි වෙන තරමට, වෙනස් වෙන තරමට , විවිධ වෙන තරමට තමයි ආදරයේ ගැඹුර, වටිනාකම, පැවැත්ම, නැවුම් බවකින් හැමදාම ගලාගෙන යන්නේ. විවිධ පාට, වෙනස් හැඩ තල, සහිත මල් වලින්, කොළ වලින් පිරුණු මනරම් විසාල උද්යානයක සිරිය ගන්නේ.
මේ චිත්රපටයේ පිරිමි චරිතත් හරියටම ඒ වගේ. ඒ ඒ අයගේ හිතේ ඇතිවෙන්නේ සමානවුත් සමපාතවුත් ආදරයක් නෙමෙයි. ඔවුන් සියලු දෙනාම ආදරේ කිව්වට ඒ විවිධ වු ආදරය ගැහැණියට දැනුනේ කොහොමද කියලා දැක බලා ගන්න බැලිය යුතුම චිත්රපටය වන්නේ "Gentleman Love" චිත්රපටයයි.
මේ චිත්රපටය පුරාම තියෙන්නේ තාරුණ්යය "බොළද" ආදරයක්ම විතරයි. "බොළදයි" කිව්වේ ආදරයත් එක්ක මහප්රාණ යන්නේ නැති නිසා. මහප්රාණ විදිහට ආදරේ කරන්න බැරි නිසා. පුලුවන් අයත් ඉදීවී... ඒත්... මේක මහප්රාණ නැති "පිරිමී ආදරයක්" 🧑❤️ ගැහැණුන්ට හැමදාම දැනෙන්නම දැනෙන.
නොවැම්බර් 22වෙනිදා සිට සිනමා ශාලාවල ප්රදර්ශනය අරඹනවා. ❤️❤️
 
රෝෂාන්ති සේනාරත්න - The Cinema People
Back to top
Go to bottom