lan englan tam

පුවත්

ප්‍රශස්තම ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය කෘතිය - 'අනාගතේ ලෝකෙ වටේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෛද්‍ය නුවන් තොටවත්ත විසින් රචනා කරන ලද 'මහාචාර්ය පූටන්ගේ අරුම පුදුම චාරිකා - අනාගතේ ලෝකෙ වටේ' කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 උළෙලේ ප්‍රශස්තම ස්වතන්ත්‍ර ළමා සාහිත්‍ය කෘතිය බවට පසුගියදා පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී තේරී පත් විය.

සෑම විටම ලේඛනය සහ සාහිත්‍යය ඇසුරේ ළමුන්ගේ ජීවිතය පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරමින් ඔවුන් සතුටින් තැබීම සඳහා උත්සාහ දරන කතුවරයකු ලෙස නුවන් තොටවත්ත ප්‍රසිද්ධය.
කෘතියේ සිතුවම් කසුන් රණමුඛ විසින් කරනු ලැබ තිබෙන අතර කෘතිය ප්‍රකාශනය කරනු ලැබ ඇත්තේ සමයවර්ධන ප්‍රකාශකයෝ විසිනි.
'අනාගතේ ලෝකේ වටේ' කෘතිය බොහෝ පාඨකයින් විසින් ප්‍රශංසාවට ලක් කරන ලද කෘතියක් වන්නා සේම ඒ සඳහා ලැබූ සාහිත්‍ය සම්මානයද ඇගයුමට ලක් වී තිබේ.

 

Back to top
Go to bottom