මෙවර 'රිදී රැයක්' ප්රසංගය තමන්ට සහ සැමියාට ඉතා වැදගත් එකක් වන බව රංගන ශිල්පිනී සුජානි මේනකා පවසයි.
ඒ තමන් සහ සැමියා වන රංගන ශිල්පී බිමල් ජයකොඩි පළමු වරට වේදිකාවක නර්තනයේ යෙදෙන අවස්ථාවක් 'රිදී රැයක්' ප්රසංගයෙන් එළඹෙන බව ඇය සඳහන් කරන හෙයිනි.
ඒ පිළිබඳව වීඩියෝවක්ද සමග සුජානි කෙටි සටහනක් තබා තිබිණි.
දෙසැම්බර් 21 වැනිදා වන ඊයේ (21) දින 'රිදී රැයක්' ප්රසංගය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
"මේ සැරේ රිදී රැයක් ප්රසංගය බිමල්ටයි මටයි විශේෂයි.. අපි දෙන්නා වේදිකාවක ප්රථම වතාවට තමයි නර්තනයෙන් දකින්න ලැබෙන්නේ… ඒක හරි සුන්දර අත්දැකීමක්…
ශ්රී ලාංකීය සිනමාවේ දිදුලන තරු ඇගයෙන වසරේ දීප්තිමත් රාත්රිය...LUX රිදී රැයක් 2024"