lan englan tam

පුවත්

ප්‍රියා සමුගනී!!!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුවසහක් ශ්‍රී ලාංකේය සවන් පිනවූ ප්‍රියාදර හඬ ප්‍රියා සූරියසේනගේ හඬ සදහටම නිසල වෙයි.

අඳුර අඳුර මගේ, හෙට දවසේ අප දෙදෙනා, සරතැස නිවා දිවි කතරේ, බිඟු වැලපීලා, සුදු පරෙවි රෑන සේ පියා සලා, මාගෙ සැමරුම් පොතේ, ඈත දිනයකදී, මට වාසනා, ආදරණීය නේරංජනා, ඉස්සර මා ඔබ දකින්න ආවේ, රටකින් එහා ඉඟිලී, ඈත රන් විමන් තුළින්, ඇසුරෙන් මිදීලා, මගේ ලැමැද සුව යහනක්, ගෙල වට බැන්දාවු මුතුපොටේ, හදවත ඉල්ලා, ආපසු එනවා, පැතුම් පිරීලා, මල් සර හිනාව, මුළු මුහුදම හඬයි, සඳ තාරුකා හඬාවි, ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතී, හිරුද මුවාවී යනාදී ගීත ඇසෙන විට 'ප්‍රියා' යන නම සිහි වීම වළකනු නොහැක්කකි.
බොහෝ කලකින් නොදුටු ප්‍රියා සූරියසේනයන් ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණු අවසන් අවස්ථාවලින් එකක් වූයේ රසික සුමති සම්මාන 2024ය.
එහිදී යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය ලබමින් ප්‍රියා ඉහළින්ම ඇගයීමට ලක් විය.
එහිදී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, භාතිය - සන්තුෂ්, උමාරා සිංහවංශ, සංඛ දිනෙත්, රයිනි චාරුකා යුග ගණනාවක් මුළුල්ලේ අසන ප්‍රියා සූරියසේනයන්ගේ ගීත ගණනාවක් එහිදී ගායනා කළහ. ප්‍රියා සූරියසේනයන්ද එහිදී බෙහෙවින් සංවේදී වූ අතර
සුමති සම්මාන උලෙළට සහභාගි වූ බොහෝ දෙනෙකුගේ දෑස් තෙත් කළ මෙන්ම ඇගයීමට ලක් වූ අංගයක් විය.
ආදරණීය ගායක ප්‍රියා සූරියසේන සංගීත ආචාර්යවරයානෙනි, අපි ඔබට නිවන් සුව පතමු!

Back to top
Go to bottom