lan englan tam

පුවත්

නිරංජනී කුවේණිය වන The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය හෙට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ නර්තනවේදියකු වන ආචාර්ය චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ චන්දන වික්‍රමසිංහ නර්තන සංසදය විසින් නිෂ්පාදිත ශ්‍රී ලංකාවේ ඓතිහාසිකබව විස්තර කෙරෙන කතා පුවතක් හැටියට The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය නිර්මාණය හෙට (02) වේදිකාගත වීමට නියමිතය.

සවස 06ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මුද්‍රා නාට්‍යය වේදිකාගත කිරීමට නියමිතය.
නර්තන හා රංගන ක්ෂේත්‍රයේ හසල දැනුමකින් හෙබි ආචාර්යවරුන් සහ රංගන ශිල්පීන් වන රවිබන්ධු විද්‍යාපති, මුදියන්සේ දිසානායකද නිර්මාණය සඳහා දායක වනු ඇති නිර්මාණයේ කුවේණිය ලෙස නිරංජනී ශන්මුගරාජා රංගනයෙන් දායක වන්නීය.
පඬුවස්දෙව් රජ හැටියට ආචාර්ය රවිබන්ධු විද්‍යාපති, මලය රජ ලෙස මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් සම්බන්ධ වන නිර්මාණයේ කිත්සිරි රජ - රංජිත් ප්‍රියංග, සදනිදු රජ - සාරංග විමුක්ති, විජය රජ - නරේන්ද්‍ර චතුරංග, විජය කුමර - රසිදු ලක්ෂාන්, කුවේණි මව රම්බා - කෞශල්‍යා මධුවන්ති, කුවේණි පියා - දුමින්ද දර්ශන යනාදීහු චරිත නිරූපණයට සම්බන්ධ වෙති.
ඉන්දීය කුමරිය ලෙස දෙවංගි වික්‍රමසිංහ වේදිකාවට හඳුන්වා දීමට නියමිතය. මුද්‍රා නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය - පේශල මනෝජ්, රංගවස්ත්‍රාභරණ නිර්මාණය - නුපති නිලම්බර, පිටපත සහ නර්තන අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ විසින් සිදු කරනු ලබයි.

Back to top
Go to bottom

Popular News