lan englan tam

පුවත්

රොශාන්ගේ මව අභාවප්‍රාප්ත වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය රංගන ශිල්පී රොශාන් රණවනගේ මව අභාවප්‍රාප්ත වූ බවත් අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුළත අවසන් කිරීමට සිදු වූ බවත් ඔහු සිය සමීපතමයින් සහ රසිකයින්ට දැනුම් දී තිබේ.

සිය මවට බෙහෙවින් ආදරය කරන රොශාන් මවගේ දිරිගැන්වීම් මධ්‍යයේ ජීවිතය ජය ගත් පුතකු වන බවත් එවන් මවකගේ ආදරය ලැබීමට තරම් තමන් වාසනාවන්ත වූ බවත් සිය ශෝකය පිළිබඳව සටහනක් තබමින් පවසයි.
සිය මව මෙන්ම පවුල තුළ මිත්තණියගේ භූමිකාව අහිමි වීම දැඩි පාඩුවක් වන අතර මව සමග ඇති ප්‍රීතිමත් මතකයන් තමන් ආදරයෙන් සිහිපත් කරන බව රොශාන් පවසයි.
මවගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කළ සැමටද රොශාන් සිය තුති පුදා තිබෙන අතර සිය මවගේ සරල දිවි පෙවෙත සැමට ආදර්ශයක් වේවා යැයි රොශාන් පවසයි.

Back to top
Go to bottom