lan englan tam

පුවත්

තිඹිරියාගමයන්ගේ රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සාහිත්‍ය නිර්මාණ එළිදැක්වීමක් පිළිබඳව අවුරුදු හතක නිහඬතාවය බිඳිමින් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී සහ ලේඛක තිඹිරියාගම බණ්ඩාරගේ සිය මීළඟ 'රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන' කෘති දෙක දොරට වැඩීමට නියමිතය.

"ඒ තාක් කාලයක් පදයෙන් පදය වැකියෙන් වැකිය පරිස්සමට, ඔබට ගැහැටක් නොදෙනු පිණිස, දයාව, කරුණාව සමග විසංවාදය පිණිස,
ඒ කුමක් නැතත් මට මගේ සතුට හා හැඟීම මුදවනු පිණිස,
ඒ සතුට, හැඟීම බෙදාහදා ගනු පිණිස......
ඉතින් මම තව මොනවා කියන්නද......
පුළුවන්නං. එන්න ඉතිං...." තිඹිරියාගම සහෘදයන් පවසයි.

ජනවාරි 16 වැනිදා සවස 04ට කොළඹ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන පොත් දොරට වැඩුමේ මුලසුන
අධිනීතිඥ ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ විසින් මෙහෙයවනු ලබයි.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සාහිත්‍ය කලා විචාරක සිසිර කුමාර මහගම දේශන පවත්වති.
වැඩසටහන් පූරක වන්නේ සාහිත්‍යවේදී දේවි ගාල්ලගේය. කෘති සමුද්‍ර ප්‍රකාශනයකි.

Back to top
Go to bottom