දේශීය කථානාද සිනමාවට මේ වන විට වසර 78ක් සපිරීම නිමිත්තෙන් ආරම්භ කෙරුන බහු සංස්කෘතික සිනමා උළෙල පසුගියදා (14) සිට ආරම්භ කෙරුණ අද (21) එහි සාංවත්සරික උළෙල පැවැත්වෙන දිනය දිනය වේ.
සංවත්සරික උත්සවය අද (21) පස්වරු 03ට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් ආරාධිතයන්ට පමණක් සීමා කර පැවැත්වෙන බව පැවසේ.
අංග සම්පුර්ණ සිනමා ශාලාවක විශිෂ්ට සිනමා කෘති 09ක් නොමිලයේ නැරඹීමට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව අවස්ථාව උදා කරනු ලැබූ මෙම සංවත්සරික සැමරුම මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව සිය වසර 53 සැපිරීමද මේ සමග සිදු කරයි.
ජනවාරි 14 - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, 15 - සංසාරේ දඩයක්කාරයා, 16 - The wild Goose Lake, 17 - Anatomy of a Fall, 18 - කෝමාලි කිංස්, 19 - Peepli, 27 - ගඟ අද්දර, 28 - Jigarthanda, 29 - සාරවිට යනාදී සිනමා නිර්මාණ තිරගත කිරීමට කටයුතු යොදා තිබූ අතර කැලණිය දළුගම 'සරසවි' සහ තරංගනී සිනමා ශාලාවල මෙම තිරගතකිරීම් සිදු විය.
1947 ජනවාරි 21 වැනිදා කොළඹ පිහිටි කිංග්ස්ලි සිනමා ශාලාවේදී 'කඩවුණු පොරොන්දුව' ලාංකේය සිනමාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය ලෙස තිරගත වීමෙන් අනතුරුව ආරම්භ කෙරුණු ලාංකේය කථානාද සිනමා කර්මාන්තය වර්තමානයේ මෙන්ම එවක පටන් බහුල ලෙස ඉන්දීය සිනමාව ඇසුරේ නිර්මාණය වන චිත්‍රපට කෙරෙන් ප්‍රවර්ධනය කෙරිණි.
1956 වර්ෂයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් 'රේඛාව' අධ්‍යක්ෂණය කිරීම එතෙක් එම රටාවට අලුත් මගක් කියාපෑමක් විය.