lan englan tam

පුවත්

තාත්තා හිතවතුන්ට කළ යුතුකම් තේරුම් ගියේ තාත්තා නැති වුණාමයි - දියනිය අමා විජේසේකර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අමා ශාක්‍යා විජේසේකර යනු මීට කලකට පෙර අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරයන්ගේ දියනිය.

සිය පියා තරම් වටිනා ලෙස ජීවත් වූ අයකු තමන් කිසිදා නොදැක ඇති අතර හිත මිතුරන් ඔහු කළ යුතුකම්හි වැදගත්කම තමන්ට වැටහුණේ සිය පියා අහිමි වූවාට පසුව බව අමා පවසා තිබුණේ 'සරසවිය'හි අමල් යශෝමන් ජයසිංහ සමග පැවති සාකච්ඡාවකදීය.
අමා එහිදී සිය පියාණන් පිළිබඳව මෙසේ පවසා තිබිණි.
"අපෙ තාත්තා ගැන ඕන තරම් කතා කරන්න පුළුවන් …ඒ තරම් අපෙ තාත්තා අදටත් එදා වාගේම අපේ හිතට සමීපයි.
අපෙ තාත්තා සල්ලි පස්සෙ හඹාගිය කෙනකුත් නෙවි..එහෙමට සල්ලි හොයාපු කෙනකුත් නෙවි..අනේ..අපෙ තාත්තා කොච්චරවත් අනුනට උදව් උපකාර කරල තියෙනවද. සල්ලිවලින්මත් නෙවි. ශ්‍රමයෙන්..වචනයෙන්..අනේ අපිට පස්සෙ කාලෙක ඒ හැමදෙයක්ම දැනගන්නට ලැබුණෙ.. අපේ තාත්තා එච්චරටම මිනිස්සුන්ට උපකාර කරන්න ඒ පරිත්‍යාග ගති වලට කොහෙන්ද ශක්තිය ලැබුණෙ කියල පුදුම හිතෙන වාර අනන්තයි..අප්‍රමාණයි...."
අමා එහිදී පවසන්නීය. අමා සමග කළ සම්පූර්ණ සංවාදය පහත සබැඳියෙන්....

 https://sarasaviya.lk/%e0%b6%ad%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%9c%e0%b7%99%e0%b6%b8-%e0%b7%84%e0%b7%9c%e0%b6%b3-%e0%b6%ba%e0%b7%8f%e0%b7%85%e0%b7%94%e0%b7%80/

Back to top
Go to bottom