lan englan tam

පුවත්

'මාමිණි දෙයියා' කියූ ෆින්ලන්තයේ ලාංකික හඬ; උපේන්ද්‍රා සිරිවර්ධන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මොනරාගල ප්‍රදේශයේ උපත ලබා ඇති උපේන්ද්‍රා සිරිවර්ධන, අපොස සාමාන්‍ය පෙළ මොනරාගල රාජකීය ජාතික පාසලෙන් ද, උසස් පෙළ මොනරාගල මහානාම ජාතික පාසලෙන් ද හැදෑරීය.

ඇයගේ පියා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන අතර, මව ගෘහණියකි.
පියාගේ ද ආභාසය සහිතව ඇය සංගීතය හැදෑරීම ආරම්භ කර ඇත්තේ, 3 හැවිරිදි වියේ සිට ය.
පාසල් අධ්‍යාපනය නිම කර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය, 2016 වසරේදී ප්‍රාසංගික කලා විශේෂ උපාධියක් හිමි කර ගත්තා ය.
ඇය පසුව ගුරු වෘත්තිය තෝරා ගත් අතර, පළමු පත්වීම ලැබුණේ, ඇතිමලේ මධ්‍ය මහා විද්‍යාලයට ය. ඉන්පසු ඇය විවාහ වීමෙන් පසුව, වාද්දුව ප්‍රදේශයේ පදිංචි වූ අතර, මග්ගොන ශාන්ත මරියා විද්‍යාලයේ සංගීත ගුරුවරියක ලෙස සේවය කළා ය.
upeandhraa තමන්ගේ ගුරු රැකියාව ද අතහැර ෆින්ලන්තයට ගොස් ඇත්තේ, සැමියාගේ උසස් අධ්‍යාපනය වෙනුවෙනි. Voice of Finland වැඩසටහන සඳහා අයැදුම් කිරීමට ඇයට සිතිවිල්ලක් පහළ වී ඇත්තේ, එහි සිටියදී ය.
"ජාත්‍යන්තර තලයේ ගායිකාවක් විදිහට ගොඩ නැගෙන එක පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාවක්. ඒකට මං පොඩි කාලෙ ඉඳල මහන්සි වුණා. අවුරුදු තුනේදි තමයි සංගීතය ඉගෙන ගන්න පටන් ගත්තේ. මේ තැනට එන්න මං ගොඩක් මහන්සි වුණා. ෆින්ලන්තයට ආවට පස්සෙ මට හිතුණා දැන් වෙන රටකට ඇවිත් ඉන්න එකේ, මම ඒකට අයැදුම් කරන්න ඕනෙ කියලා. මගේ ගමන යන්න පළවෙනි පියවර හරි තියන්න ඕනෙ කියලා මම හිතුවා. ඒ හරහා තමයි, Voice of Finland තරගයට අයැදුම් කළේ," උපේන්ද්‍රා පැවසීය.

කුමුදු ජයවර්ධන BBC සිංහල සිංහල සේවයට කළ විශේෂාංගයක් ඇසුරිනි.

Back to top
Go to bottom