lan englan tam

පුවත්

කොල්වින් සෙට්ටිනායක චිත්‍ර වෙළඳභාණ්ඩ ලෙස දුටුවේ නෑ; තිලකරත්න කුරුවිටබණ්ඩාර

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ සිත්තරෙකු වන කොල්වින් සෙට්ටිනායකගේ අත්දැකීම් රැගත් 'එන්න යන්න මාත් එක්ක' කෘතියේ දොරට වැඩුම පසුගියදා (30) වෙනුවෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

කෘතියේ පළමු පිදුම ඔහුගේ බිරිය වන චන්ද්‍රානි සෙට්ටිනායකට පිරිනමන ලද අතර ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ රංගන ශිල්පියෙකු වන අනුර බණ්ඩාර රාජගුරු විසින් මෙහෙයවනු ලැබිණි.

සභාවේ දෙසුම් සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර, සිසිර කුමාර මහගම යනාදීන් සහභාගි වූ අතර දිනමිණ පුවත්පත වෙනුවෙන් නයෝමී ෂර්මිලා සහ උපේක්ෂා රණවක දෙදෙනා තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ගේ ප්‍රකාශය මෙසේ වාර්තා කර තිබිණි.
ඒ අනුව කොල්වින් සෙට්ටිනායක්යන්ගේ කාර්යශූරත්වය මෙබඳුය.
"අවුරුදු හැටකට අධික කාලයක සිට කවි ලියන, කෙටිකතා ලියන, චිත්‍ර අඳින, බතික් මෝස්තර නිර්මාණය කරන කිසිම ඇගයීමට ලක් නොවුණු කලාකරුවන් මෙරට සිටිනවා. කොල්වින් සෙට්ටිනායක එවැනි සැඟවුණු කලාකරුවෙක්. කොල්වින් සෙට්ටිනායකගේ ළමා චිත්‍ර දුටු විට මට සිතෙන්නේ සිබිල් වෙත්තසිංහගේ චිත්‍ර කියලා. අපූර්ව චිත්‍ර ශෛලියක් ඔහුට තිබුණා. ඔහු සංකීර්ණ චිත්‍ර අඳින විට ළමා චිත්‍රවලින් පරිබාහිරව ගොස් ඉතාම සංකීර්ණ භාව ප්‍රකාශන රේඛා චිත්‍ර අඳින්න පුරුදු වෙලා හිටියා. ඔහුට ආවේණික චිත්‍ර ශෛලියක් ඔහු මුල සිටම පුරුදු කරගෙන සිටියා. කිසියම් ආකාරයක ශෛලිගත බවක් ඒවායේ තිබෙනවා. කිසියම් පුද්ගලයකුගේ මුහුණක් සහ සිරුරක් ඇන්දම එහි තිබෙන එකම රේඛාවකින් ඔහුගේ දරිද්‍රතාව, ඔහුගේ උස-මිටි බව මෙන්ම ඔහු විඳින ජීවිතය ද සටහන් වී තිබෙනවා. කොල්වින් එදා වගේම අදත්, නාගරිකව ජීවත්වුණත් ඔහු තුළ ගැමි කලාකරුවකු ජීවත් වුණා. ඔහු චිත්‍ර ප්‍රදර්ශන හතක් පවත්වා තිබෙනවා. නමුත් ඒ කිසි එකකින් ඔහු ප්‍රසිද්ධියක් සොයාගෙන ගියේ නැහැ. ඔහුගේ රේඛා දුටු විට මට සිහිවන්නේ තිවංක පිළිමගේ, දඹුලු ලෙනේ, සීගිරියේ සිතුවම්වල දකින රේඛා චිත්‍රයි. කොල්වින් සහජයෙන් ලබා ගත් චිත්‍ර ශෛලියේ නිර්මාණ කරමින් අතිශයින් තෘප්තිමත් බවට පත්වූ අයෙක් වෙනවා. ඔහුගේ චිත්‍ර තිබෙන්නේ අලෙවි කිරීමට නොවේ. ඒවා තිබෙන්නේ රසවිඳින්න. කිසිම දවසක ඔහු චිත්‍ර වෙළෙඳ භාණ්ඩයක් ලෙස සැලකුවේ නැහැ."

Back to top
Go to bottom