කූඹියෝ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්නගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන ' වාලම්පුරි ' හෙවත් 'හීන හතහමාරක්' අප්‍රේල් මාසයේ නිකුත් කිරීමට නියමිතයි.
අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරා ' වාලම්පුරි ' නිෂ්පාදනය කරන අතර ප්‍රිමාල් රණසිංහ ද මෙම චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් දායක වේ.
කොවිඩ් වසංගතය, ජන අරගලය ආදී කාර්තු වල විශාල වෙහෙසක් දරමින් මෙය නිර්මාණය විය. මෙය සිංහල ,දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් උපසිරැසි සහිතව අප්‍රේල් සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරඟත වේ. දැනට ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ටිකට් පත් නිකුත් කිරීම ආරම්භ කර ඇත.

ප්‍රියන්ත සිරිකුමාර, දිල්හානි ඒකනායක, ධර්ශන් ධර්මරාජ්, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න ආදී නළු නිළියන් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.