lan englan tam

පුවත්

“නෙළුම් කුළුණ” (Tentigo) හෙට සිට දිවයින පුරා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ කැමරාකරණයෙන් නිර්මාණය වූ නෙළුම් කුළුණ (Tentigo) චිත්‍රපටය හෙට සිට (මාර්තු 14) වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වීමට නියමිතයි.

ඉලංගෝ රාම්ගේ ප්‍රථම දිගු චිත්‍රපටය වන ‘නෙළුම් කුළුණ (Tentigo)’ 2023 වසරේ තලින් බ්ලැක් නයිට්ස් ච්ත්‍රපට උළෙලේ (FLAPF අනුමත A- ශේණියේ උළෙලක්) ජූරියේ විශේෂ සම්මානය දිනාගෙන ඇත.
 
 ඔහු එය දමිළ භාෂාවෙන් ‘පෙරැසු’ සහ තෙළිඟු භාෂාවෙන් ‘පෙධා’ ලෙස නැවත නිර්මාණය කර ඇති අතර, විදේශයකදී නැවත නිර්මාණය (Remake) කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකීය චිත්‍රපටය බවට පත් වන්නේ මෙයයි.
 
චිත්‍රපටය හිරණ්‍යා පෙරේරා නිෂ්පාදනය කර ඇති අතර කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරි කුමාර, තුසිත ලක්ෂාන්, රංජිත් පනාගොඩ, චමිලා පීරිස්, චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි ඒකනායක, සමන් කෝරලගේ, සුලෝචනා වීරසිංහ, මධුර ප්‍රභාශ්වර ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපටියට රංගන දායකත්වය සපයති.
 
d976d13e df71 4ecb a732 06fac86b88cb
Back to top
Go to bottom