ජනප්‍රිය ‘වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්’ කෘතිය රචනා කළ ලේඛිකාව වන නදී වාසලමුදලිආරච්චිගේ ප්‍රථම වෘතාන්ත, කලාත්මක චිත්‍රපටය වන ‘Pantrum’ පසුගියදා කේරළයේ කැලිකට් හීදී පැවති 7 වන ‘Independent Experimental Film Festival’ හි ලෝක සිනමා (තරගකාරී නොවන) අංශය සඳහා ජූරිය විසින් තෝරා ගෙන තුබුණා.
ඒ අනුව චිත්‍රපට උළෙලේ සමාරම්භක දිනයේදී ‘Pantrum’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සිදුවූවා.
මීට අමතරව ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය, කොරියාව, ආර්මේනියාව සහ (තුර්කිය/ඉරානය) යන රටවල් 7 ක චිත්‍රපට හයක් මේ සඳහා තේරී පත්ව තිබුණා.
නදී වාසලමුදලිආරච්චි විසින් තිර රචනය මෙන්ම අධ්‍යක්ෂණයද කරනු ලබු මෙම චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ වාතාවරණය පිළිබඳව විමසා බැලෙන අතර පරම්පරාගත කම්පනය (generational trauma), ළමා සොල්දාදුවන් (child soldiers), Post-traumatic stress disorder (PTSD), සංහිඳියාව වැනි මාතෘකා පිළිබඳව ගවේශනය කරන අතර සමකාලීන යථාර්ථයන්ට මුහුණ දෙමින් වසර 2500 කරා විහිදෙන අඛ්‍යානයක් දිග හැරෙනවා.
ලේඛිකාවක්, චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ද බොහෝ කාර්‍යභරයක් ඉටු කරන නදී වාසලමුදලිආරච්චි, ඔබට මෙම ජයග්‍රහණය පිළිබඳව අපගේ උණුසුම් සුභ පැතුම්.