ඔන්න, ලංකාවේ youtube අවකාශය තුළ ඉන්න ජනප්‍රිය චරිත රැසක් රංගනයෙන් එක්වන අලුත්ම චිත්‍රපටයක වැඩකටයුතු පසුගියදා ආරම්භ උනා.
මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ ‘ඒක තමයි මේක’ කියන නමින්.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුරංග ද අල්විස්. මේක ඔහුගේ 7 වෙනි සිනමා අධ්‍යක්ෂණයයි.
තිර රචනය සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ විසින් සිදු කරනවා.
මෙම චිත්‍රපටයේ විශේෂත්වයක් තමයි මෙහි ප්‍රධාන චරිත සියල්ලටම රංගනයෙන් එක්වෙන්නේ ලංකාවේ you tube අවකාශය තුළ ඉතා ජනප්‍රිය චරිත වීමයි.
මේ සදහා 'සිරිල් අයියා', 'ලෝචි', 'ලකයි සිකයි', 'ජනයි ප්‍රියයි', 'රැට්ටා' වැනි ජනප්‍රිය you tube චරිත රංගනයෙන් එක් වෙනවා.
ඉතින්, 18 වෙනිදා රූ ගත කිරීම් ආරම්භ උන මේ චිත්‍රපටයේ සියලුම රංගන හා තාක්ෂණික ශිලිපීන්ට අපේ සුබ පැතුම් එක් කරන අතරම, අපූර්ව නිර්මාණයක් ඉදිරියේදි රසවිදින්න අපේක්ෂාවෙන් ඉන්නවා.
පහතින් දැක්වෙන්නේ චිත්‍රපටයේ අලුතෙන්ම නිකුත් කල තේමා ගීතයයි.