වත්තල ප්‍රදේශයේ පැවැති ප්‍රසංගයකදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නම ඈඳමින් ගීයක් ගැයීම නිසා තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බවට පලවෙන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව ජිප්සීස් නායක සුනිල් පෙරේරා පවසයි.
ඊයේ (02) දා රාත්‍රියේ පැවැති එම ප්රසංගයේදී ‘සිංඤෝරේ’ ගීතය ගායනා කරද්දී ජිප්සීස් නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නම කියමින් එය ගායනා කළ අවස්ථාවේදී පිරිසකගේ පහර කෑමට ලක්වූ බවත්, එය වැළැක්වීම සඳහා ඉදිරිපත් වූ නිවේදකයාටද පහර කිහිපයක් එල්ලවී ඇති බවත් සඳහන් පුවතක් මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
මේ පිළිබඳ අප කළ විමසීමකදී සුනිල් පෙරේරා ප්‍රකාශ කළේ එම ප්‍රවෘත්තිය අසත්‍ය එකක් බවය. ‘‘ගුටිකාලා මම නවලෝක රෝහලේ ප්‍රතිකාර ගන්නවා කියලත් නිව්ස් එකක් යනවලූ නේද?
මොන බොරු කතාද? මම මේ ගෙදර වැඩක් කර කර හිටියේ. ඕවා නිකන් සමාජයේ අවධානය ලබාගන්න මවන ප්රවෘත්ති නේ. ඔයිට කලිනුත් ඔය වගේ නිව්ස් ගියා. මට ගැහුවා නම් පොලිසියේ පැමිණිල්ලක් තියෙන්න ඕනේනේ ඒ ගැන. එහෙම නැත්නම් මම ඉස්පිරිතාලේ ඉන්න එපායැ. හොයලා බලන්නකෝ පොලිසියට පැමිණිල්ලක් ලැබිලා තියනවාද කියලා. වත්තල ප්‍රසංගය සංවිධානය කළ අයගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්නම් කතා කරලා අහලා බලන්නකො එහෙම දෙයක් වුණාද කියලා.
මේ දවස්වල අපි අලූත් ව්‍යවස්ථාවක් ගේන එක වෙනුවෙන් වැඩකරනවානේ. පුරවැසි බලයත් එක්ක මමත් ඒකට එකතුවෙලා ඉන්නවා. ඒකයි ඔය වගේ බොරු කතා යවන්නේ මම හිතන්නේ. ඒවා කරලා යම් තෘප්තියක් ලබන පිරිසකුත් ඉන්නවානේ. නමුත් ඒවායින් මම අධෛර්යය වෙන්නේ නෑ. අලූත් ව්‍යවස්ථාවක් ගේන වැඬේ වෙනුවෙන් දිගටම වැඩකරනවා. ජනවාරි 8වෙනිදා රටේ දේශපාලන වෙනසක් ඇති කළේ ඒ වෙනුවෙන්නේ. ඒක මඟහරින්න බෑ කාටවත්.’’
යැයිද ඔහු පැවසීය.
-janawari8-