මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන නිමල් ඒකනායක මහතා ශ්‍රී ලංකා ජනමාධ්‍ය පුහුණු ආයතනයේ විධායක අධ්යක්ෂවරයා වශයෙන් පත්කොට ඇත.
ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්, සැලසිනෙ රූපවාහිනී ආයතනයේ සභාපති, චැනල් අයි හා සියත රූපවාහිනී නාලිකාවන්හි නාලිකා ප්‍රධානී, ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවේ අධ්යක්ෂ ආදී තනතුරු ගණනාවක සේවය කර ඇති ඔහු උක්දඬු ගින්න හා සොක්රටීස් (නව නිෂ්පාදනය) යන නාට්‍යයන්හි අධ්යක්ෂවරයා ද වේ.
ආචාර්ය ධර්මසේන පතිරාජ සභාපතිත්වරය දරන ශ්‍රී ලංකා ජනමාධ්‍ය පුහුණු ආයතනයේ සෙසු අද්යක්ෂන්රුන් වශයෙන් ශ්‍රීලංකා වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ චිත්‍රපට හා රූපවාහිනී අධ්‍යයන අංශයේ ප්‍රධානී චිත්‍රපට අද්‍යක්ෂ සෙනේෂ් දිසානායක බණ්ඩාර සහ මෙරට දැන්වීම් ක්ෂේත්රයේ සම්මානනීය නිර්මාණ අධ්යක්ෂවරයකු වන ප්‍රගීත් මානියංගමුව මහතා පත්කොට ඇත.