සිය මාධ්‍ය ජීවිතයේ පනස් වැනි කඩඉම පසු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ නවතම කෘතියක් පාඨකයා වෙත පිරිනැමීමේ සුදානමක් ඇති වග අපිට ආරංචි වුණා.
ආරංචියේ හැටියට අපිට දැනගන්න ලැබුනේ සිනමාවේ පමණක් නොවී කලා ලොවේත් ගිනි පුපුරු සොයායාමක් ලෙසින් මේ කෘතිය රචනා කර තිබෙන බවයි.
මේ පිලිබඳඔහු දැක්වුවේ මෙවැනි අදහසක්.
“ලංකා ඉතිහාසයේ පළමු වරට තමයි මේ වගේ කෘතියක් රචනා වෙන්නේ.මෙය නම් කොට තිබෙන්නේ 'රස ගිනි ගනී ' කියලයි. මේ වන විට සිංහල සිනමාවට වසර 70 ක්. එදා කඩවුණු පොරොන්දු වේ සිටම අද අලුතෙන්ම නිර්මාණය වෙන චිත්‍රපටය දක්වාමත් ඒ ඇරුණාම වේදිකාව, රූපවාහිනිය, ගුවන්විදුලිය මේ සියලුම කලා මාධ්‍යයන්ගේ සිටි කලාකරුවන් පිළිබඳ නොදන්නා දේ මේ කෘතියේ අන්තර් ගත වෙනවා. මේ ශිල්පීන් මා සමඟ පැවැසූ අතිශය රහස්‍ය කාරණා මේ කෘතියෙන් එළිදරව් වෙනවා. ඔවුන්ගේ සිනහව, දුක , කඳුළ වේදනාව මේ කෘතියේ පිටු අතර තිබෙනවා. හැමෝගෙම ගින්දර තුළ ඇති ගිනිපුපුරු එළි දැක්වීමක් කියල කියන්නත් පුළුවන්.විශේෂයෙන්ම වසර ගණනක් පුරා කලා ලොවේ සැරී සරූ මාධ්‍යවේදියකු ලෙස කලා කරුවන් මට අතිශය සමීප පිරිසක්. එනිසා රසිකයා දැනගත යුතු ඔවුන්ගේ බොහෝ දේවල් මෙම කෘතියෙන් හෙළි කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මෙය කලාලොවේ වගේම සමාජයේත් යම් ආන්දෝලනයක් ඇති කරන කෘතියක් වේවි. ඉතාම ඉක්මණින් මේ කෘතිය පාඨකයා අතට පත් කරන්නට මම සූදානම්,”