ජනප්‍රිය කැනේඩියානු පොප් ගායන ශිල්පී ජස්ටින් බීබර් ඇමරිකානු නිරූපන ශිල්පිනියක වන
හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිසගෙන ඇති බවට එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබේ.
24 හැවිරිදි බීබර්, බහමාස් හි පිහිටි නිවාඩු නිකේතනයක දී විවාහ යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් එම අවස්ථාවේදී තමන්ගේ දුරකථන ඉවත් කරගන්නා මෙන් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් අවන්හල් සේවක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවත් TMZ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ජනප්‍රිය පොප් ගායකයාගේ දෙමාපියන් ද සමාජ ජාල ඔස්සේ සටහන් පළ කරමින් මෙම අවස්ථාව සමරා ඇත.
මීළඟ පරිච්ඡේදය එනතෙක් තමන් නොඉවසිල්ලෙන් සිටින බව ජස්ටින් බීබර් ගේ පියා ජෙරමි, එහිදී පවසා තිබේ.
හේලි බෝල්ඩ්වින්, ඇමෙරිකන් වෝග්, මේරි ක්ලෙයාර් සහ ස්පැනිෂ් හාපර්ස් බසාර් වැනි සඟරා සඳහා නිරුපනයෙන් දායක වි ඇත.
එසේම විවිධ සංගීත වීඩියෝ සහ රුපවනිහි වැඩසටහන් වලට ද ඇය සම්බන්ධ වි තිබේ.
හේලි බෝල්ඩ්වින් යනු ඇමරිකානු රංගන ශිල්පියෙක් වන ස්ටෙෆාන් බෝල්ඩ්වින් ගේ දියණියයි.