සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 12 වෙනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය උලෙළ 2018 සැප්තැම්බර් මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
මෙම උලෙළ දි සංස්කෘතික අංග මෙන්ම 2017 වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ බෞද්ධ ග්රන්ථ, පද්‍ය, සඟරා කලා විශිෂ්ට නිර්මාණ ඇගයිම සදහා ඒවා රචනා කළ සංස්කරණය කළ විද්වතුන් වෙත ප්රණාම පිරිනැමිමක් සිදු කෙරේ.
එසේම බෞද්ධ ශාස්ත්‍රීය, පර්යේෂණ, පරිවර්තන, සංස්කරණ, දේශන වැනි කේෂ්ත්‍රයන් වෙත කරන ලද අද්විතීය සේවය අගයමින් ආචාර්ය එඩ්වින් ආරියදාස විද්වතාණන් මහාචාර්ය ගුණපාල මලලසේකර සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත අතර සිය දිවිම මඟෙහි බොදු සිතුවම් ඉදිරිපත් කිරිමෙන් සිදු කරන ලද අනභිභවනීය මෙහෙවර අගය කරමින් සුනිල් වීරකුමාරයන් සොයිලියස් මැන්දිස් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව බෞද්ධ සාහිත්‍ය කෘති නිරික්ෂණ කමිටුවේ ප්‍රධානි ආචාර්යය ප්‍රනීත් අභය සුන්දර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.
මිට අමතරව සිංහල ප්‍රකාශන 14ක් හා එක් ඉංග්‍රීසි ප්රකාශනයක් සදහා ද උළලේදී සම්මාන පිරි නැමෙනු ඇත.