නදී වාසලමුදලි සිතුවම්කරණයට
නවකතාකාරිනියක්, කිවිඳියක් සහ ජනමාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන නදී වාසලමුදලිආරච්චි සිතුවම්කරණයට එළඹ ඇති බවටයි අපිට වාර්තා වන්නේ.
ඒ අනුව, කලාශිල්පිනි දුර්ගා කයින්තොලා ගේ සංකල්පයක් සහ ඇයගේ මෙහෙයවීමෙන් ඉන්දියාවේ නව දිල්ලි හි දී පැවැත්වෙන සිතුවම්, මූර්ති, සෙරමික් කලා, වීඩියෝ, කවි නිර්මාණ සහ කලා කෘති ඇතුලත් “India-My influence Part 2” කලා දැක්මේ දී නදීගේ සිතුවමක් ද ප්‍රදර්ශනය කෙරෙනවා.
මෙම තෙල් සායම් නිර්මාණය නම් කර ඇත්තේ “Glorified darkness” නමින්.
මෙය නදීගේ කුළුඳුල් කලා ප්‍රදර්ශනය වන අතර එළඹෙන පෙබරවාරි 5 වැනිදා දක්වා එය පැවැත්වීමට නියමිත යි.