නොත්‍ර දාම් ගොඩනගන්න තවත් පියවරක් ගනියි
වසර 800ක ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍ර දාම් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පිහිටවූ අරමුදලට මුදල් රැස් කිරීම සඳහා සංවිධාන කළ ප්‍රසංගය පසුගියදා සාර්ථකව පැවැත්වුණු බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
Angélique Kidjo, Benabar සහ Mireille Mathieu වැනි ජනප්‍රිය ප්‍රංශ කලාකරුවන් රැසක් මේ සඳහා සහභාගී වී තිබෙනවා.
ලක්ෂ තුනකට අධික පිරිසක් ආධාර ලබා දුන් බවත් යුරෝ මිලියන 20කට ආසන්න මුදල් ප්‍රමාණයක් එහිදී රැස් කිරීමට හැකිවූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
පසුගිය අප්‍රේල් 15 වැනිදා ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් නොත්‍ර දාම් දේවස්ථානය හානියට පත්විය.