සමාජ මාධ්‍ය “භයානක” මෙවලමක් - සෙලිනා ගෝමස්
තමන්ගේ පරම්පරාවට සමාජ මාධ්‍ය “භයානක” මෙවලමක් වූ බව සුප්‍රකට හොලිවුඩ් රංගන සහ ගායන ශිල්පිනි සෙලිනා ගෝමස් පවසයි. එසේම අන්තර්ජාල ක්‍රියාකාරකම් සඳහා කාල සීමාවක් පනවා ගන්නා මෙන්ද ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
තමන් රංගන දායකත්වය සැපයූ නවතම සිනමා කෘතිය “The Dead Don’t Die” හි ප්‍රවර්ධන කටයුතු සඳහා එක් වෙමින් කාන්ස් සිනමා සම්මාන උළෙලේ දී සෙලිනා මේ බව ප්‍රකාශ කර ඇත.
“විශේෂයෙන්ම මගේ පරම්පරාවට, සමාජ මාධ්‍ය භයානක මෙවලමක් වුණා,” යනුවෙන් ඇය එහිදී සඳහන් කර තිබේ.
ලොව වටා සිදුවෙමින් පවතින දේ පිළිබඳව බොහොමයක් තරුණ තරුණියන්ට අවබෝධයක් නැතැයි මේ සුප්‍රකට ගායිකාව පවසයි.
“එය ඉතා හොඳ වේදිකාවක් නමුත්, තරුණ ගැහැණු ළමයි සහ පිරිමි ළමයින්ට ලොව සිදුවෙමින් පවතින දේ ගැන හරි හැටි අවබෝධයක් නැහැ කියලා තේරෙන කොට ඇත්තටම බය හිතෙනවා.”
“එය ආත්මාර්ථකාමීයි- ආත්මාර්ථකාමී කියලා මට කියන්න වුවමනා නැහැ, එය සැර වැඩියි- ඒත් ස්ථිරවම එය භයානකයි.”