BP ආලේඛ්‍ය සිතුවම් තරගයේ ජය චාලි ස්චැෆර්ට
මෙවර BP ආලේඛ්‍ය සිතුවම් තරගයේ ජයග්‍රාහකයා ලෙස සම්මාන දිනා ගැනීමට චාලි ස්චැෆර් සමත්ව තිබේ.
ඒ අනුව චාලි ඇඳි “Imara in her Winter Coat” නම් සිතුවමට පවුම් 35,000 ක මුදල් ත්‍යාගයක් හිමිවිය.
ප්‍රබල ජීවමාන හැඟීමක් සිතුවමින් ජනිත වන බව ජූරියේ තීරණය වී ඇත.
එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ජාතික ආලේඛ්‍ය සිතුවම් කලාගාරය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරගයේ අවසන් වටයට මැසිමිලියානෝ පිරොන්ටිගේ “Quo Vadis?”, කාල් මාටින් සැන්ඩ්වෝල්ඩ්ගේ “The crown”, එමා හොප්කින්ස්ගේ “Sophie and Carla” යන සිතුවම් සුදුසුකම් ලැබී ය.
සම්මාන උළෙල පසුගිය සඳුදා ලන්ඩනයේ පැවැත්විණි.