චිත්‍රපට බෙදාහැරීම සංස්ථාව සතුවීම ජයග්‍රහණයක්
චිත්‍රපට කර්මාන්තයට පසුගිය සමයේ ඇතිවූ බලපෑම් හමුවේ ඇතිවූ කඩා වැටීමත් සමඟ වෘත්තීය නිෂ්පාදකවරුන් ලෙස අද ඉතිරි වී සිටින්නේ තුන්දෙනෙකු හෝ සිව් දෙනෙකු වැනි සුළුතරයක් පමණකැයි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය.
ව්‍යාපාරික ක්ෂේත්රය හා මුදල් සමඟ සම්බන්ධ වූ කලාවක් වූ නිසා චිත්‍රපට කර්මාන්තය වෙනත් කලාවන්ට වඩා වෙනස් බව කී ආරියරත්න මහතා ගතවූ කාලයේ බොහෝ දෙනා චිත්‍රපට කර්මාන්තයේ වෙනසක් බලාපොරොත්තු වූ බව ද කීය.
පසුගිය කාලයේ නිෂ්පාදකවරුන්ට මුහුණපෑමට සිදුවූ බලපෑම් හමුවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පටන්ගත් මොහොතේ සිට ඇයි අපි මෙතරම් විදවන්නේ යනුවෙන් නිෂ්පාදකවරු මැසිවිලි නැගූ බව මහාචාර්යවරයා පැවසීය.
චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය හිමිවීමත් සමඟ සංයුක්තව සිනමාවට විනකටින පිරිස් හෙළිදරව් වී යැයි පැවසූ ආරියරත්න මහතා මේ නිසා ක්ෂණිකව සිදුවූ උඩුයටිකුරු වීම චිත්‍රපට සංස්ථාවට, සභාපතිනිය ඇතුඵ එහි කාර්ය මණ්ඩලයට අභියෝගයක් බවත් එයට මුහුණ දීමට චිත්‍රපට සංස්ථාවට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවායි පතන බවත් ප්‍රකාශ කළේය.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (5) පැවති මාධ්‍ය හමුවක දීය. චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාවට පැවරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අරමුණින් පැවති මෙම මධ්‍ය හමුවට ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරින් සහ කලාකරුවෝ රැසක් සහභාගී වූහ.
එහි දී අදහස් දැක්වූ චිත්‍රපට සංස්ථාවේ අධ්යක්ෂ අනුර රත්නායක මහතා පැවසූවේ 81 සිට 84 වසර දක්වා සිනමා කර්මාන්තය ප්‍රගතශීලීව ගලා ආ බවත්, එම වර්ෂ වලදී වසරකට සිනමාපට 30 කට වඩා ඉදිරිපත් වූ බවත් 88 - 89 වසරවල තරුණ අසහනය නිසා රටේ ඇතිවූ කලබලකාරී තත්වයත් සමඟ චිත්‍රපට කර්මාන්තය ක්‍රමානුකූලව පසුබෑමකට ලක්වූ බවද පවසා සිටියේ ය.
තවද 2001 වර්ෂයේදී චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවරීමත් සමඟ වැඩි මූල්‍ය ප්‍රතිශතයක් පෞද්ගලික අංශයට ගලාගිය බවත් දක්ෂ නිර්මාණකරැවන් රැසකට තමා නිෂ්පාදනය කළ චිත්‍රපට පෙන්වීමට නොහැකිව අසරණ වූ බවත් හෙතෙම කියා සිටියේය.
පෞද්ගලික අංශයට අබලන් වූ සහ වැසීගෙන යන චිත්‍රපට ශාලා නඩත්තු කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට පැවරුණ ද ඔවුන් එම වගකීම නිසි ලෙස ඉටු නොකළ නිසා සිනමාශාලා වැසීයාමට ලක්වූ බවත්, සිනමා රසික ප්‍රවර්ධනය ක්‍රමයෙන් අඩුවූ බවත් අධ්යක්ෂවරයා පැවසීය. එමෙන්ම චිත්‍රපට තේරීමේදී ඔවුන් හට නිසි ක්‍රමවේදයක් නොතිබූ බවද හෙතෙම අවධාරණය කළේ ය.
චිත්‍රපට සංස්ථාව සතු චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය මෙතෙක් පෞද්ගලික අංශය සතුව පැවතීම නිසා වාරණයට ලක්වූ බවත් එය මෙම වසරේ ජුනි 18 දින සිට ඉවත්වූ බවත් දැන් චිත්‍රපට බෙදාහැරීමේ තනි අයිතිය චිත්‍රපට සංස්ථාව සතු බවත් අනුර මහතා කීය.
මෙම චිත්‍රපට ධාරා 3 ක් යටතේ පෙළගස්වන බවත් කී රත්නායක මහතා කලාත්මක චිත්‍රපට, වාණිජ චිත්‍රපට සහ කලාත්මක හා වාණිජ සම්මිශ්ර චිත්‍රපට වශයෙන් ඒවා වෙන් කරන බව ද කීය.
තවද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ චිත්‍රපට කර්මාන්තය වෙනුවෙන් රුපියල් මිලියන 100ක් ලබාදෙන බවත්, හොඳ චිත්‍රපට 25 ක් සෑදීමට චිත්‍රපට නිෂ්පාදකවරුන්ට අවස්ථාව සලසා දෙන බවත් එහි දී අධ්යක්ෂවරයා පැවසීය.
ප්‍රවීන සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ, චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය උසාවි නියෝගයකින් ලැබී ඇති බවත්, මෙය නැවත උදුරාගැනීමට හදන්නේ නම් සෑම කෙනෙකුම මීට එරෙහිව නැගී සිටිය යුතු බවත් සඳහන් කළේය.
එමෙන්ම චිත්‍රපට සංස්ථාව අහෝසි කළ යුතු බවට හඩක් එළියෙන් මතුවන බවත්, ඒ හඩට ඉඩ නොදිය යුතු බවත් විද්වතුන් සැමදෙනම එක්වී චිත්‍රපට සංස්ථාව රැකගැනීමේ වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බවත් අවධාරණය කළ අතර බණ්ඩාරනායක මහතා මෙම ගැටලූවට යුක්ති සහගත දෙයක් කිරීම සඳහා කටයුතු කරන ලෙස සියලූ දෙනාගෙන් ඉල්ලා සිටියේය.
ප්‍රවීණ කලාකරු රවීන්ද්‍ර රන්දෙණිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ චිත්‍රපට බෙදාහැරීමේ බලය චිත්‍රපට සංස්ථාව සතුව පැවතියත් එය පෞද්ගලික අංශයෙන් උදුරාගැනීමත් සමඟ සිනමාවට අයිති බිලියන ගණනක මුදලක් ඔවුන් සූරා කෑ බවය.
එය රාජ්‍ය මුදල් අවභාවිතාවක් බව පැවසූ ඔහු නැවතත් සිනමාවට ස්වර්ණමය යුගයක් උදාකිරීම සඳහා මෙම කලාකරුවන් එකතු වී සිටින බව වැඩිදුරටත් කියා සිටියේ ය.
සුමනා අමරසිංහ, රාජ් රණසිංහ, එරංග සේනාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
විනීතා එම් ගමගේ
ලංකාදීප