ප්‍රකට කතුවරියක වූ ජීන් අර්සනායගම් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රකට ඉංග්‍රීසි කතුවරියක වූ ජීන් අර්සනායගම් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවිය.
ප්‍රබන්ධ රචිකාවක හා කිවිඳියක වූ ඇගේ නිර්මාණ බොහොමයක් මෙරට වාර්ගික සහ ආගමික ව්‍යකුලත්වය පදනම් කරගත් ඒවාය.
මහනුවර උසස් බාලිකා විද්‍යාලයීය ආදී ශිෂ්‍යාවක වූ ජීන් අර්සනායගම් අතින් ලියවුණු ප්‍රකට ග්රන්ථ ලෙස ද ක්‍රයි ඔෆ් ද කයිට්, ද අවුට්සයිඩර්, ෆ්රැගමන්ට්ස් ඔෆ් අ ජර්නි, ඕල් වෝස් බර්නින්ග් යන කෘතීන් දැක්විය හැකි ය.
1984 දී සාහිත්‍ය සඳහා වූ ජාතික සම්මානය ඇයට හිමි වූ අතර ඇයගේ ද ලයිෆ් ඔෆ් ද පොයට් වෙනුවෙන් 2017 දී ග්රාටියන් ත්‍යාගය දිනා ගත්තා ය.
ඡායා: Natalie Soysa Studios