“අපේ රටට මේ වගේ වස්තු ඉන්නේ මඩ පහරවල් ගහලා නැති කරන්න නෙවෙයි” චිත්රාල්ගේ සිදුවීම ගැන ඇත්ත කතාව හෙක්ටර් පැහැදිලි කර යි
පෞද්ගලික බැංකුවක උත්සවයක් අතරතුරදී ජනප්රිය ගායන ශිල්පී චිත්රාල් සෝමපාල සහ ප්රේක්ෂකාගාරය අතර ඇතිවූ ආරවුලට දේශපාලන චරිතයක් ගැන ප්රකාශයක් අදාළ නොවන බවත් එය හුදෙක් බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඇති වූ ආරවුලක් බවත් එම උත්සවයේ නිවේදන කටයුතු මෙහෙයවූ නිවේදන ශිල්පියා ප්රකාශ කර තිබේ.
සිය මුහුණු පොතේ සටහනක් තබමින් නිවේදක දුශාන් වාස් සඳහන් කර ඇත්තේ “ඊයේ දිනයේ දී Chitral Chity Somapala සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියේ දී කිසිම දේශපාලනයක් හෝ දේශපාලන පුද්ගල නාමයක් හෝ විශේෂයෙන් ගෝඨාභය නාමය සඳහන් වීමක් නොවූ අතර එය හුදෙක් ප්රේක්ෂකයන් සමග සිදුවූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් අදාළ කලාකරුවාගේ ආරක්ෂාවට ඔහුව වගකිව යුතු සංවිධායකයන් විසින් වේදිකාවෙන් ඉවත් කිරීමක් පමණක් සිදුවිය,” යනුවෙනි.
එදින එම උත්සවයට සංගීතය සැපයු D Major සංගීත කණ්ඩායමේ හෙක්ටර් ඩයස් ඇතුළු සෙසු සාමාජිකයින් ද එම කරුණ සනාථ කරමින් මුහුණු පොතට වීඩියෝවක් නිකුත් කර තිබේ.
“අපේ රටේ මේ වගේ වස්තු ඉන්නේ මඩ පහරවල් ගහලා නැති කරන්න නෙවෙයි. කවුරු හරි ප්රචාරය කරපු මඩ ප්රහාරයක් පස්සේ එල්ලිලා යන්නේ නැතිව සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්න.”