අමාරුවේ දාන්න අහපු ප්‍රශ්නෙට බොලිවුඩ් නිළි “තාප්සේ” අපූරු පිළිතුරක් දෙයි
පසුගිය වසරේ ඉන්දියාවේ ගෝවා හි පැවැත්වුණු 50 වැනි ඉන්දීය ජාත්‍යන්තර සිනමා උලෙළේ (IFFI) දී පැවැත්වූ ප්‍රශ්නෝත්තර සැසියක් අමතමින් සිටි බොලිවුඩ් රංගන ශිල්පිනි තාප්සේ පානු මුහුණ දුන් සිදුවීමක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනකුගේ අවධානය දිනා ගෙන තිබෙනවා.
ඒ වැඩසටහන මෙහෙයවන්නිය තාප්සේගෙන් විමසු ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.
එවිට ප්‍රේක්ෂකාගාරයේ සිටි අයෙක් ඔබ හින්දි නිළියක්නේ ඇයි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ හින්දියෙන් කතා කරන්නැයි පවසා සිටිනවා.
මේ බොලිවුඩ් රංගන ශිල්පිනිය අපහසුතාවයට පත් කරන්න ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඇය ලබාදුන්නේ හරි අපූරු පිළිතුරක්.
“මම හින්දි වගේම දකුණු ඉන්දීය නිළියක්. මම දැන් දෙමල, තෙලිඟුත් කතා කරන්න ඕනද. මට ඕන මම කියන දේ ගොඩක් දෙනෙක් අතරට ගෙන යන්න.”
සන්සුන්ව ඇය ලබාදුන් ප්‍රතිචාරය එම අවස්ථාවේ දී මෙන්ම පසුව ද බොහෝ දෙනකුගේ පැසසුමට ලක්වී තිබුණා.
බලන්න ඇය දෙන්නේ මොනවගේ පිළිතුරක් ද කියලා.















