lan englan tam

පුවත්

සුමති සම්මාන සුමතිද? කුමතිද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුමති සම්මාන උලෙළ පසුගියදා නිම වූයේ 'කොඩිගහ යට' නාට්‍යය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂ සහ නළුවා යන සම්මාන දිනාගනිමිනි.

මේ පිළිබඳව බොහෝ පාර්ශ්ව තුළ ප්‍රසාදයක් තිබුණද නාට්‍යකරුවකු වන මු.දු. රංජිත් ද සිල්වා විසින් සිය අදහස් දැක්වීමක් හැටියට සටහනක් තබා තිබේ. 

 
තිලංගගේ කුමති සම්මාන
 
තවත් කුමති { කු +මති = කුමති - (නරක, දූෂිත මත) } 
කුණු සම්මාන උළෙලක් නිමාවට පත් විය. 
සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන්, මා කුණු ටෙලි බලන්නේ නැති අතර, කුණු ටෙලි සම්මාන උළෙලවල් ද ඇහේ වැදුනත් බලන්නේ නැත. 
එහෙත් මෙදාපාර ටෙලි නාටක දෙකක් /තුනක් බලන්නට අමතක කළේ නැත...
 
එයට හේතු සාධක කීපයකි ..එනම්,
(01). මගේ ප්‍රියතම වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන් ම දීර්ඝකාලීන මිත්‍රයෙක් වන ප්‍රසන්න ජය කොඩිගේ ටෙලියක් විකාශය වන නිසා .
ඒ " එයා දැන් බැඳලා " නම් වූ ටෙලියයි.
මා එම ටෙලි නාටකය නොවරදවා නරඹන්නට පුරුදු වූ අතර, මම එයට ඇබ්බැහි වීමි. එය කොතරම් ද යත්, එය අන්තර්ජාලය හරහා එක ම කොටස නැවත නැවත කීප වතාවක් ම නැරඹුවෙමි. මේ ලියන්නට පෙර ද නැවතත් නැරඹුවෙමි. 
(02). එහි රඟන, මා කැමති ම රූපණවේදීහු දෙදෙනෙක් වෙති. එනම්, මහානළු " ඹිග් බොස්ස් " මහේන්ද්‍ර පෙරේරා සහ අසහාය රූපණවේදියෙකු වන සරත් කොතලාවල ය. 
(03). මයිමා හෙවත් මනියාගේ ප්‍රථම ටෙලියෙන් ම, ඌ වැඩ ඇල්ලූ අතර මම ඌට ද ඇබ්බැහි වීමි.
(04). සේමිණී ගේ පැරණි රැඟුම් වලට මා එතරම් ප්‍රිය නො කළ ද, " එයා දැන් බැඳලා " තුළින් සුද්දිට ත්, සුද්දී නිසා සේමිණී ට ත් අසීමිත ලෙස ආදරය කළ අතර, ඇයගේ අපූර්වතම රංගනයට ද ඇබ්බැහි වූයේ නිරායාසයෙන් ම ය.
(05). අනෙක් ටෙලිය "කොඩි ගහ යට" නම් වූ වංශකතාව ය. එහි ආරම්භය ට ඇබ්බැහි වුව ද , පසුව හිසරදයක් වුව ද, මම එය නැරඹිය යුතු ටෙලියක් යයි තීරණය කළෙමි. මන්දැයි හරි හැටි නො දනිමි. 
මා සිතන පරිදි එයට හේතු කිහිපයකි. එනම්,
* ජගත් මනුවර්ණගේ සරලත්වයට හා පෙනුමට මා කැමති ය.
* ඔහුගේ රංගනය මා සිතන පරිදි මට මහා රැඟුමක් නො වූවත් එය බලා සිටිය හැකි අපූර්වත්වයකින් යුක්ත ය. 
* ඔහු ජාතික ජන බලවේගයේ උදාර කලාකරුවෙක් වන බැවින් ද, ජන නියමු කලාකරු සංවිධානය ආදරණීය සහෝදරයෙක් විම නිසා ද, මම ජගත්ගේ කොඩි ගහට බලන්නට පෙලඹෙන්නට ඇත .
* දිල්හානි සහ තරින්ඳිගේ රංගනයන්ට මම වහ වැටුනෙමි. ඒ දෙදෙනා ද, නලින් ලුසේනාගේ වෙනස් ම රංගන අර්ථකථනයක පැතිකඩක් දුටු බැවින් එයට ද, මම වශී වුනෙමි.
නමුත් ටික දිනක් ගතවන විට මට " කොඩි ගහ යට" ටෙලියට තිබුණ උනන්දුව හීන වී ගියේ ය. එහෙත් " එයා දැන් බැඳලා " ටෙලියට දිනෙන් දින ම මම ඇබ්බැහි වීමි. ඒත් මම ටෙලි නාටක දෙකම අවසන් වන තුරු ම නැරඹුවෙමි. 
" කොඩි ගහ යට " ටෙලි නාටකය එපා වන්නට ත්, ඒ පිළිබඳව ඇති උනන්දුව හීන වන්නට ත් බලපෑ හේතු කීපයකි. 
* අභව්‍ය කතා වින්‍යාසය දිගින් දිගට ම...රබර් පටියක් ලෙස ඇදගෙන යාම 
* නදීෂා හේමමාලි, රන්දික ගුණතිලක, නිපුණි ශාරදා, සැලුන් කෙල්ල වැන්නන්ගේ ඕලාරික රැගුම් බලා සිටින්නට බැරි තරම් අප්‍රිය ජනක වීම.
* කලූ හිර ගෙදරදි හමුවීම සාධාරණ ය. එහෙත් ඒ ටෙලියට කලූගේ නංගි, නංගිගේ ස්වාමිපුරුෂයා, ඔවුන්ගේ දරුවා සහ කලූගේ අම්මා මොකට ද...? ඒ චරිත වලට අන්තිමට මොකද වුනේ? යන සිතිවිල්ල... මඤ්ඤං ද. ?
ඒක හොඳ ම ටෙලිය වන්නේ කොහොම ද ...?
* අසේල හිර ගෙදරදි වසන්තට හමුවීම සාධාරණ යයි සිතමු. මේ ටෙළියට අසේලගේ අක්කා, අක්කගෙ මිනිහා සහ ළමයි, අසේලගේ නංගි, අක්කගේ මිනිහගේ යාලුවෝ... එයාලා මොකට ද..? උන්ට මොකද උනේ? ටෙලි දැකල ම නැද්ද ..? මේක හොඳ ම ටෙලිය වන්නේ කොහොම.ද.?.පිස්සු පීකුදු ද.?
* ටෙලි නාට්‍යයක වුව ද, වේදිකා නාට්‍යයක වුව ද, චිත්‍රපටයක වුව ද, කම්මැලියකුගේ චරිතයක් රඟපාන නළුවා හෝ නිළිය කම්මැලි වීම විය යුතු නැත .කම්මැලි විය යුත්තේ ..චරිතය හා භූමිකාව පමණි . නිපුණි ශාරදාගේ රංගනය තුළ ඒබව දක්නට ලැබුණි.
* බල්ලෙකු අකමැත්තෙන් නාවන්නට රැගෙන යන විට බ්‍රේක් ගහනවාට අප කීවේ බලු බ්‍රේක් කියා ය. මේ සමහර අයගේ රඟපෑම් බලු බ්‍රේක් වලට සමාන ය.
 
* සුලෝචනා සහ අනුරාධගේ රංගනයන් තුළ තිබූ හුරුබුහුටි බව නිසා හැර එම චරිත ටෙලි නාටකයට අවශ්‍ය නැත. ඉතින් කොඩි ගහ යට හොඳම ටෙලිය වන්නේ කෙසේ ද ..?
* අසේල අතින් මැරුණු මිතුරාගේ බිරිඳ සහ ළමයාට කුමක් වී ද ..? කලූගේ ඒඩ්ස් රෝගයට සිදුවූයේ කුමක් ද ..?..
* ඒ ආකාරයට මහ දවල් අමු අමුවේ ප්‍රාථමික මංකොල්ලයක් සිදුකොට, එකෙක් අංග සම්පූර්ණ සැලොන් එකක් දැමීම ද ..,තව එකෙක් අංගසම්පූර්ණ සංචාරක හෝටලයක් දැමීම ද .., අසේල මුකුත් ම නොකර සල්ලි බැංකුවේ හෝ සාක්කුවේ දමාගෙන එක එකාට උදව් පදව් කර කර අයාලේ යාම ද හැබෑවට ම කළ හැකි දෙයක් ද ...?
* මුස්ලිම් මුදලාලිගේ පුතා, පොලිස් කාරයින්, වැඩ තහනම් පොලිස් නිලධාරීන්, නීතිඥ මහත්තයා, එයා එක්ක ඉන්න සිංහල බැරි කෙල්ල, අර හාමුදුරුවරු යන මේ චරිත මේ ටෙලියට ඒ ආකාරයට මොකට ද ...?
* බුද්ධික දමයන්ත නිරූපණය කළ අතිශය භීෂණකාරී මිනීමරු චරිතය සහ සෆීර් නිරූපණය කළ ගාමන්ට් මැනේජර් චරිතය කාටත් හොරෙන් ටෙලියෙන් මාරු වී ඇත..
 
* තරින්දි සහ ඇයගේ පැරණි පෙම්වතා.? මේවා අසම්බන්ද සබඳතා නේද ..? එදා වේල ටුවර්ස් බඳු, එදා කොටසට අමුණන ලද විසූකදස්සන වේ. ජනෙට් ගේ රඟපෑම් බලා සිටිමට බැරි තරම් ඒකාකාරී ය. සෑම ටෙලියක ම එකාකාරයෙන් පෙනී සිටින මේ පුද්ගලයාගේ රඟපෑම් මේ ටෙලිනාට්‍යයට මහා වදයකි. ඒ .චරිතය ද එහි භූමිකා ද බලෙන් ඇතුලත් කරන ලද ඒවා ය. 
* තරින්දි සහ දිල්හානි ද නලින් ලුසේනා ද හැර එහි වෙනත් හිත්කාවාදින රංගනයක් කළ කෙනෙක් නැත. ජගත් ගේ රංගනය ඕලාරිකය, ඒකාකාරී ය...මහේන්ද්‍ර පෙරේරා සමඟ සසඳන්නට තරම්වත් සුදුසු නැත. 
එබැවින් ,
** හොඳම නළුවා ජගත් මනුවර්ණ නො වේ.
** හොඳම අධ්‍යක්ෂවරයා ජගත් මනුවර්ණ නො වේ. 
** හොඳම ටෙලි නාට්‍ය කොඩි ගහයට නො වේ .
** හොඳම සහාය නළුවා රන්දික ගුණතිලක නො වේ. 
ප්‍රථමයෙන් ම මේ අය මේ සම්මාන ගන්නට ලජ්ජා විය යුතු ය. 
******
 
" එයා දැන් බැඳලා " ටෙලිය මෑත කාලයේ මා දුටු ඉතා ම ප්‍රශස්තතම සංස්කරණය ඇතුළත් ටෙලි නාටකය යි. එහි භාවිත කරන ලද සංස්කරණ රීතිය අතිශයින්ම සිනමා රූපී ය. සමහර තැන් කලාත්මක හොලිවුඩ් චිත්‍රපටයක සංස්කරණ රීතිය හා සැමතැන් ගනී. 
විනිසුරුවන් ලෙස ක්‍රියා කළ මඤ්ඤං මණ්ඩලය එය දැන සිටියේ නැත. මහෙන්ද්‍ර පෙරේරාගේ සුවිශාල රංගනය සමස්ත ටෙලි නාට්‍ය මෙන් ම චිත්‍රපට අංශය යන සියල්ල ම ආවරණය වූ අතිසාර්ථක සුවිශේෂ රංගනය කි. 
 
සුද්දිව දකින මුල් ම දවසේ, ඇඳි කොනේ වාඩි වී, සුද්දි සමග සංවාසයේ නො යෙදී, කතාබහ කරන තැන ඔහු තුළ තිබූ ආශාව, ආදරය, සබකෝලය සහ අසීමිත උවමනාව මේ සියල්ල ඉතා සංයමයෙන් සියුම් ලෙස මවාපෑම වර්තමාන කිසිම නළුවෙකුට කළ නො හැකි ප්‍රාතිහාර්යය කි. 
මනියා ත් මනියාගේ යාළුවා ත්, සිරි මාමා ත් මීට පෙර ද මෙබඳු ගණිකාවන් රැගෙන විත් නිවසේ හෝ මෙම මඩුවේ තබාගෙන කම් සැප විඳීමට පුරුදු පුහුණු වී සිටි බව ටෙලි නාට්‍යයේ මෙම ජවනිකා පෙළින් ඉතා අපූරුවට හෙළිදරව් වේ .
මෙය. කොඩි ගහ යට ඒ සිදුවූවා නම් , සති දෙක තුනක රබර් දර්ශනයක් බවට පත්වන්නට ඉඩ තිබුණි. සිනමාරුපී පිටපත් රචනය හා හා සිනමාරුපී සංස්කරණය එබඳු ය..
 
මෙබඳු පාදඩ ජීවිතයකට හුරුව සිටි සිරිල්, සුද්දි දැකීමෙන් ඔහු තුළ ඇති වූ, විපර්යාසය මහේන්ද්‍ර පෙරේරා ඉතා අපූරුවට ප්‍රතිනිර්මාණය කළේ ය. ..එසේ ම මේ පවුලේ සම්ප්‍රදායික පොදු සබඳතා, සහෝදර සබඳතා පිය පුතු සබඳතා යන සියල්ල, අසම්මත, විකාර රූපී සංස්කෘතික තත්වයක් බවට පත්ව තිබිය දී , ඒ චරිත වල හැසිරීම් රටාවන් අධ්‍යක්ෂවරයා විසින් මෙහෙයවා තිබූ ආකාරයත්, අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම යටතේ නළු නිළියන් එම ..භූමිකා තමාගේ පෞද්ගලික ශරීර තුළට ආරූඪ කොට ගෙන ඇතිකරගන්නා ලද ප්‍රබල සමාරෝපයත් ...විස්මිත ය..එවා නො සලකා හැරීමෙන් විනිශ්චය මණ්ඩලයේ අමු ම අමු නිරුවත ප්‍රදර්ශනය වේ. 
 
ඒ සඳහා විනිස්සුරුවන් කෙරෙහි අපට අනුකම්පා කරනු හැර කළ හැක්කක් නැත. 
පසුවදා සුද්දි බලන්නට ගොස් සිඳුවන සිදුවීම් පෙළ තුළ, මහේන්ද්‍රගේ ප්‍රකාශනයට ඔහු එකතු කළ රූපණ විධික්‍රමය අධ්‍යයනය කළ යුතු අභ්‍යාසයකි. සුද්දි ලැගුම්හලේ උඩ කාමරයේ නාන කාමරයෙ කවුලුවෙන් බලන විට, පාර අයිනේ සිට සිරී ටෙලි පෝනයෙන් කතා කරන ජවනිකාව කොතරම් ගැඹුරින් නිරූපණය වූ, රූප රාමු පෙළක් ද ..? අවසානයේ හොඳට ම වෙරි මතින් සුද්දී බලන්නට ගොස්, ඊට මුහුණ දුන් ආකාරය ඒ ආකාරය කෙතරම් විස්මිත ලෙස නිරූපණය කළා ද .?..එසේම සුද්දි කසාද බඳින දවසේ රූප රාමු තුළ සිරිගේ භූමිකාව කෙතරම් ප්‍රවීණ ද ...ඒ ආකාරයට හැඟීම් ප්‍රකාශ කරන්නට සමතෙක් මෑත කාලීන ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටයක ඔබ දුටුවා ද ..?( මේ සඳහා භාවිත කළ රංගනයේ මූලධර්ම සඳහන් කිරීම ..ලිපිය .තවත් දීර්ඝවන නිසා එය මගහරිමි ..)
 
විශේෂයෙන් සඳහන් කළ යුත්තක් ඇත..එනම් සුද්දිගේ මඟුල දා ප්‍රියන්ත සිරිකුමාර වෙරිමතින් කළ නර්තනය සුපිරි රංගනයකි. එහි රිද්මය සහ ගතිකත්වය ඉතා අපූරු ය. ප්‍රසන්න මහා නිර්මාණවේදියෙක් බව ඉන් සනාත වි ය. ප්‍රියන්තගේ ශරීරය තුළ වූ එ් රංගන කුලප්පුව සහ වලිප්පුව එළියට පැමිණ තිබුණේ පෙර නොවූ විරූ ලෙස ය..එතැන මහා විශාල අර්ථයක් කැටි කොට ගත් තැන කි. 
පතලේ වැඩ කරන සිරි , තාත්තා ගැන සැක කරන සිරි, තාත්තා පිළිකුල් කරන සිරි, සුද්දිට ආදරය කරන සිරි, කරුණාව දක්වන සිරී, සුද්දිව සැක කරන සිරී, මනී සැක කරන සිරි, මනීට ආදරය කරන සිරී, සුද්දි සමඟ ජීවත් වන්නට ආසා කරන සිරි, සුද්දි ගෙන් මිදෙන්නට තැත් කරන සිරි... එකම ශරීරයක් තුළ කෙසේ මැව්වා ද, යන්න සිතාගත නො හැකි ය. සුද්දි ගැබ්බර වූ බව දැන ගත් දවසේ සිරිගේ ආශාව, බලාපොරොත්තුව සහ කලකිරීම එක ම මුහුණේ කීප පලකින් මතු කළ මහේන්ද්‍ර බිග් බොස් නුඹ ගැන මට තරහක් ද සිතේ.....
 
සුද්දී , නාය ගිය කන්දට යට වූවායි සිතා වැලපෙන සිරිගේ සහ මනීගේ රංගනය තවමත් දෝංකාරය දෙන දර්ශන පෙළකි. සුද්දි ජීවතුන් අතර සිටින බව දැනගත් මොහොතේ සිරී තුළ ඇතිවූ පරිවර්තනය .....එසේ මවන්නට.. ප්‍රතිනිර්මාණය කරන්නට හැකි එකම රුපණවේදියා මහේන්ද්‍රව පමණි.
එ් සෑම තැනක ම අදාළ චරිතයට අදාල භූමිකා ප්‍රතිනිර්මාණ කර මහේන්ද්‍ර ..සුද්දී සමග පැමිණි තම ළමයා සමග ත්‍රීවීලරය තුළ තනිවන සිරිගේ දර්ශනය ද ..රූපණ භාෂාව , මහින්ද්‍රයාණන් විසින් ගොඩනඟන ලද අපූර්ව තම වූ, සොයා ගැනීමක ...සාර්ථක වූ අභ්‍යාසයක් ආධුනිකයින්ට කියා පෑමකි...
 
* එය ස්ටැනිස්ලාව්ස්කිගේ මෙතඩ් ඇක්ටිං ද . ?
* මාලන් බ්‍රැන්ඩෝ විසින් මෙතෙඩ් ඇක්ටිං ගූඩ් ෆතෙර් චිත්‍රපටයේ ත්, තෙ ස්ට්‍රීට් cඅර් නමෙඩ් ඩෙසිරෙ වේදිකා නාට්‍යයේ මෙන් ම, චිත්‍රපටියේ ත් භාවිත කළ ආකාරයේ රංගනයක් ද.. 
 
එය
* ඇල් පශිනෝ, පෝල්මුනි, ටොම් කෲස් ආදී හොලිවුඩ් නළු වන් ද, 
* චාලි චැප්ලින්ගේ ඉතාම සංවේදී රඟන අවස්ථාවන් ද සිහිගන්වයි ...
* එසේ ම සුද්දී සහ තම පියා සැක කරන සිරීගේ සියුම් නිරූපණ අවස්ථා අතිශය සුන්දර ය .
*******
 
" එයා දැන් බැඳල " හී අනෙක් රංගනයේ පරමේශ්වරයා සරත් කොතලාවල ය. සරත් කොතලාවල වෙනත් කිසිදු චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට භාවිත නො කළ ආකාරයේ අති විශේෂ රූපණ විධික්‍රමයක් මේ සඳහා භාවිත කළේ ය. එ ඔහුගේ ගමන - බිමන, කතා බහ, හැසිරීම , මුළු ටෙලි නාටකය පුරා ම එක ම ආකාරයකට රඳවා තබා ගැනීමට ඔහු පානා සමත්කම ඉදිරියේ මහේන්ද්‍ර පෙරේරාට , සරත් කොතලාවල කිසි විටෙකවත් නො දෙවැනි වේ. එසේ තිතට නූලට cඔන්ටිනුඉට්ය් තබා ගැනීම, පහසුවෙන් නළුවෙකුට කළ හැකි දෙයක් නො වේ. අතපය නොදැනුවත්ව ම සෙලවීම, වෙවිලවීම්, ඇස්වල හැඩය, බැල්ම , උරුවම් බෑම සහ කුපාඩි, වල් - වනචර පෙනුම, තක්කඩි වැඩවල යෙදෙන සූක්ෂ්ම ක්‍රමවේදය ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් හොඳ ම නළුවාට නිර්දේශ විය යුත්තේ, සරත් කොතලාවල සහ මහේන්ද්‍ර පෙරේරා යන දෙදෙනා පමණි ..
ඒ අතරින් හොඳ ම නළුවා මහෙන්ද්‍ර පෙරේරා වී, හොඳ ම සහාය නළුවා විය යුත්තේ සරත් ය.
 
එය විනිසුරු මඩුල්ලක මහා පෞරුෂය විදහා පාන සිදුවීමකි. තීන්දුවකි .... ඒ ගොං හැත්ත අපාගත වී ඇත. 
තිලංගට අවශ්‍ය පරිදි මාර්කට් කළ හැකි චරිත උඩ දමා මෙලෙස බහුරු කෝළම් පෑමට මහා නළුවන් දෙදෙනකු මෙලෙස අව භාවිත කිරීමට ඉඩ දිය නො හැක. විචාරක, ප්‍රේක්ෂක , සහෘද හිතමිතුරු - සතුරු සියලු දෙනා මේ මොහොතේ නිදි වර්ජිත ද ..?
ගිය වසරේ සුමිත් රත්නායකගේ අනර්ඝ ටෙලිය වූ මහ පොළව කපා දමා, අති සුවිශේෂ රංගධරයා වූ ලක්ෂමන් මෙන්ඩිස්ගේ සම්මානය වලකා ,තරින්දි ප්‍රනාන්දු , වසන්ත මොරගොඩ, නොසලකා හැරි මොහොතේ විචාරක, ප්‍රේක්ෂක පිරිස නිහඬ වී, සිටී ම තුළ මේ වසරේ මෙබඳු මහා විනාශයක් සිදුවී ඇති බව මගේ හැඟීමයි..
 
රන්දික ගුණිතිලක තව ම අංකුර නළු බට්ටෙක් නිසා එලෙස හැසිරුණා විය හැකි ය. විලි ලැජ්ජා නැතුව ඒවා තමාට අයිති නැති බව දැන දැන ඒවා ගන්නට දුවගෙන, පැනගෙන පිස්සන් වෙතට යෑමට තරම් උන්ගේ ඔල් ගෙඩි වල අසූචි පිරී ඇති වා සේ ය.
ජගත් මනුවර්ණ මේරු මිනිසෙකි. අත්දැකීම් බහුල වගකිවයුතු දේශපාලන මතවාදයක නියැලෙන අපූරු හිත මිතුරෙකි. දක්ෂයෙකි. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඒ ගැන සැක සංකා නැත. 
 
සැබැවින් ම ජගත් ඔබ මෙවර( කොඩි ගහ යට) හොඳම නළුවා නො වේ. හොඳම අධ්‍යක්ෂ නො වේ. එය හොඳම ටෙලිය නො වේ. ඔබ ඒ සම්මාන රැගෙන විත්, මේ ජරා ජීර්ණ වූ සමාජ වටපිටාව මැද ඔබේ අතැති සම්මානය මහින්ද්‍රට දී , මේ සම්මාන මට සුදුසු නැත. ඒවා අයිති පුද්ගලයා ඔබ ය. යන වචන දෙක කියූවා නම්, හෙට මේ රටේ ජනාධිපති ඔබ ය. එය ඔබ නියෝජනය කරන දේශපාලන දර්ශනයට පක්ෂයට විශාල ලකුණු කන්දරාවක් වැටෙන ක්‍රියා කලාපයක් වනු නිසැක ය. 
ජගත් මනුවර්ණ නැමැති...මහා සිනමාකරුවාණෙනි
 
ඇත්තට ම ඔබ එසේ කළ යුත්තේ , දේශපාලන පක්ෂයකට සංවිධානයකට ලකුණු දැමීමට නො ව, ඔබේ මිනිස්කමේ මහිමය සහ ඥානවන්තකම ගුණ යහපත්කම පෙන්වීමට ය. ඔබ එසේ කළා නම්, මේ රටේ සදාතනික වීරයා ඔබ ය. ඔබට ඒ තරම් ජවයක්, සිහි බුද්ධියක් නො මැති වූයේ කෙසේ ද..? 
 
ඔබ රඟපෑ රූප රාමු සහ මහේන්ද්‍ර පෙරේරාගේ රූප රාමු එකවර නරඹා, ඔබ ම තීරණය කරන්න හොඳ ම නළුවා ඔබ ද .? ඔහු ද ..? කියා...අපරාදෙ .. ඔබ...මේ කුණු ගොඩට කරගැහුවේ ... මට ඔබ ගැන ද කණගාටු සිතේ...
මේ තරමට ම සරත් කොතලාවලගේ අසහාය රංගනය ත්, මයිමාගේ අසහාය රංගනය ත් නොදුටු විනිශ්චය මණ්ඩලය ගැන දුක සිතේ. මහෙන්ද්‍රගේ රංගනය පිච්චියකට නො සලකා හැරිය ඒ මෝඩ තකතිරුවන්ට සරත් සහ රාමා පෙනේ ද ..? සේමිණීට සම්මානය දුන්නේ සම්මාන බෙදා දිය යුතු නිසා විය යුතු ය. 
 
මැණික් පතල , නායගිය භූමිය , තැනීම සම්බන්ධව පමණක් හොඳ ම කලා අධ්‍යක්ෂණයට සම්මාන දිය යුතු ය.
ඒ උළෙලේ තවත් කුනුහර්ප රැසකි ...එනම්,
* කොඩි ගහ යට සේවියර් කනිෂ්කට වඩා රන්දිකගේ රංගනය ප්‍රබල වන්නේ කෙසේ ද .? එය විහිළුවකි. රන්දික වරෙක පියල් වන අතර නැවත රන්දික වේ. ඔහුට ඔහුගේ චරිතය රඳවාගන්නට බැරුවූ අවස්ථා ටෙලිය පුරා ම දැක ගත හැකි ය. 
* 2023 හොඳම නළුවාට හේතු පාට කියද්දී, ජගත් මනුවර්ණ .. සියුම් "අභිනවයන් " පාමින්
කළ රංග වින්‍යාසය...........යයි කීය....මේ කියන පරිදි ජගත් ගේ සියුම් " අභිනවයන් " මොනවා ද..? අලුත් අලුත් දේවල් වන්නට ඇත ..
* හොඳම තිර රචනය " එයා දැන් බැඳලා " ප්‍රසන්න ජයකොඩි.. නමුත් හොඳම ටෙලිය නරක පිටපතකින් කරන ලද කොඩි ගහයට..මේව කුණුහරුප මලු මලු නේ.ද.?
 
* හොඳම අධ්‍යක්ෂණය හොඳ ම පිටපතින් නිර්මාණය කළ අපූරු ටෙලිය එයා දැන් බැඳල නො වේ... අර වල් බූරු චරිත ගොඩාක් අතරමං කරලා අකා මකා දාපු කොඩිගහ යට..ය.
* 2022 හොඳම නළුවා මාණික්කාවතේ ජගත් චමිල නොව, තුන්පනේ මදුර ප්‍රභාෂ්වරය.. එ්ක නම් පට්ට ම පට්ට විහිලුකි. ජගත් චමිලයා පව් අපරාදෙ උගේ වෙහෙස මහන්සිය. 
* සම්මාන ප්‍රධානය කරන්නට වේදිකාවට අාවේ, " ශ්‍රියානි අමරසේකර " නම් අලුත් සිනමා නිළියකි ..
* මැණික් මානික්කාව නමින් ටෙලියක් තිබූ බව නිවේදනය වීම..තවත් විහිලුවකි.
* අති සාර්ථක සංස්කරණ රීතියක් අනුගමනය කළ එයා දැන් බැඳලා ..හොඳ ම සංස්කරණයට නිර්දේශ වන්නේ ද නැත. එම සම්මානය හිමි වන්නේ කොඩි ගහ යට සංස්කරණයට ය. ජෙනට් කපුවාගේ කෙලවරක් නැති දිගින් දිගට ඇදී ඇදී යන දේවාල දර්ශන, මෝටර් බයිසිකල් පදින දිගු දර්ශන , දිගින් දිගට වාහන පාර දිගේ යාම ...වෙරළ දිගේ මිනිසුන් ඇවිද යාම, ඔවුන්ගේ අඩි පමණක් සහ පස්ස පැත්ත පමණක් බොහෝ වේලා පෙන්වීම ...කොඩි ගහ යට ඒ සංස්කරණයේ පංකාදුවයි..
 
* අංගරචනය සහ කැමරාකරණය පිළිබඳව ද කිව යුත්තේ එය ම ය. ...මේ විනිසුරු මඩුල්ල මේ කිසිවක් දන්නවා ද...? ඒවා අධ්‍යයනය කොට ඇද්ද ...? එසේ නොමැති නම් මේවා විනිශ්චය කිරීමට බිය නැද්ද ..? 
* ඒ අතර, එක් නිවේදකයෙක් සෑම විටම අත් පොඩි ගසන ලෙස ඉල්ලා මොර දෙන අතර, ඕඩියන්ස් එක බීරන් ගොලුවන්සේ ඔහේ බලා සිටිති. ඌ නැවත නැවත අත්පොළසන් දෙන්නැයි විලාප දෙයි. ඒ කෑගැසීම පුදුම හිරිහැරයකි ...
සියල්ල මෙසේ තිබිය දී, ප්‍රසන්න ජයකොඩිගේ සම්මානය ලබා ගැනීම සඳහා මහා නළු මහේන්ද්‍ර පෙරේරා වේදිකාවට ගොඩ වූ අතර, ඔහු එම සම්මානය රැගෙන දෑත ඔසවද්දී ...ප්‍රකාශයට පත් වූයේ කුමක්දැයි සියලු දෙනාට ම දැනෙන්නට විය ...
මේ ආකාරයට කුමති සම්මාන උළෙල අවසන් විය..මහා නලුවන් , අධ්‍යක්ෂවරයෙක් , සහ, තව තවත් ආනුශංගික කලාකරුවන් රැසක් අවමානයට, අපහාසයට ලක්වි ය.... 
 
තවත් ටෙලි සම්මාන උළෙලකට ..ආරාධනා කෙරේ...මේ..සම්මාන උළෙලෙන් පාඩමක් ඉගෙන නො ගන්නා ප්‍රසන්න ජයකොඩි. එම සම්මාන උළෙල ගැන නිවේදනය කරමින් ඇම්බැසඩර් කෙනෙක් වනු දැක ගන්නට ලැබීම කණගාටුවට කරුණකි ....
මේ විනිසුරු මණ්ඩලය පිළිබඳව නොබෝදා ලියා දන්වන බව පොරොන්දු වෙමි..
ප්‍රබුද්ධ කලාශිල්පි හිතවතුනි , අසහාය කලාකරුවනි, නුඹලාගේ අසහාය කලාකෘති මේ වගේ ගූ සම්මාන උළෙල වලට නො දා මහජනතාවට ප්‍රදර්ශනය කොට මහජනතාවගේ ..ආශිර්වාදය හා ප්‍රේක්ෂක වින්දනය හා ආදරය පමණක් ලබා..ඉතිහාසගත වන ලෙස කාරුණිකව ඉල්ලමි ....
 
මුදූ රංජිත් ද සිල්වා
2024. 02.26"
Back to top
Go to bottom

Popular News