lan englan tam

පුවත්

ප්‍රියංකාගේ කොටියකු මරාදැමීම ඔස්කාහි ඇගයේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියංකා චොප්රා 'කොටියෙකු මරා දැමීම' හෙවත් To Kill A Tiger චිත්‍රපටයට දැක්වූ දායකත්වය ගැන එම චිත්‍රප්ටය ඔස්කා සම්මාන උලෙළේ පෙර ප්‍රදර්ශනයකදී නැරඹූ සාහිල් සලාතියා ඒ පිළිබඳව ප්‍රියංකාව බෙහෙවින් ඇගයුමට ලක් කර තිබේ.

To Kill A Tiger යනු ප්‍රියංකා චොප්රා විසින් සම-නිෂ්පාදනය කරන ලද වාර්තා චිත්‍රපටයක් වන අතර එය පසුගියදා ලොස් ඇන්ජලීස්හිදී ප්‍රදර්ශනය කෙරිණි.
සිය දියනිය වෙනුවෙන් යුක්තිය සොයන පියෙකුගේ කතාවක් පාදක කරගෙන නිර්මාණය කරන ලද කැනඩා චිත්‍රප්ටය To Kill a Tiger ඔස්කා නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
ඉන්දියාවේ ගම්මානයක ලිංගික අතවරයකට ලක් වූ තම දියණිය වෙනුවෙන් පියා විසින් යුක්තිය පසිඳලනු ලැබීමේ අරගලය කේන්ද්‍ර කර ගත් වාර්තා චිත්‍රපටයක් වන මෙය හොඳම වාර්තා චිත්‍රපට කාණ්ඩය සඳහා නිර්දේශ වී තිබේ.
96 වැනි ඔස්කාර් සම්මාන උළෙල මාර්තු 10 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතය.
දිල්ලියේ ඉපිද දැනට කැනඩාවේ පුරවැසියකු හැටියට වාසය කරන ඉන්දියානු ජාතික නිශ පහුජා විසින් අධ්‍යක්ෂණය කරන ලද වාර්තා චිත්‍රපටිය 2022 ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම චිත්‍රපටය හැටියට සම්මාන ලැබීය.
කැනඩාවේ වාර්ෂිකව නම් කරන හොඳම චිත්‍රපට අතරටද එය පසුගිය වර්ෂයේ එක් විය.

Back to top
Go to bottom

Popular News