lan englan tam

පුවත්

බලන්න වටින 2024 ඉන්දීය සිනමා බොක්ස් ඔෆීස්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2024 වසරේ හින්දි සිනමාව හෙවත් බොලිවුඩය තුළ මේ වන විට සිනමා එළිදැක්වීම් ගණනාවක් සිදු වී ඇති අතර මේ වසර පළමු වාරය කත්‍රිනා කයිෆ් සහ විජේ සේදුපති රඟපාන 'හැපි ක්‍රිස්මස්' චිත්‍රපටයෙන් වර්ණවත් කෙරිණි. එය ඉන්දීය රුපියල් කෝටි 20ක් සහ ලොව පුරා රුපියල් කෝටි 30ක් පමණ මූල්‍ය ආදායමක් ඉපැයීමට සමත් විය. ඉන්දීය ජාතික දිනයට සමගාමීව දීපිකා පදුකෝන් සහ රිතික් රෝෂන් රඟපෑ 'ෆයිටර්' චිත්‍රපටය එළිදැක්වුණ අතර එය ඉන්දීය රුපියල් කෝටි 200ක් සහ ලොව පුරා රුපියල් කෝටි 345ක් උපයා ගත් චිත්‍රපටයක් විය.

'තේරී බාතෝන් මේ ඒසා උල්ජා ජියා' හින්දි භාෂාවෙන් 2024 ජයග්‍රහණයක් ලද පළමු ඉන්දීය සිනමාපටය වේ. එය ඉන්දියාව තුළ රුපියල් කෝටි 169ක් සහ ලොව පුරා රුපියල් කෝටි 85ක් උපයා ඇත. එහි ගෝලීය දළ එකතුව රුපියල් කෝටි 140 ඉක්මවා ගොස් ඇත.
'ආටිකල් 370' ප්‍රේක්ෂක ආදරය ලබා ගෙන ඇති අතර ඉන්දියාව තුළ රුපියල් කෝටි 10ක් සහ ලොව පුරා රුපියල් කෝටි 15ක් පමණ උපයා ගැනීමට සමත්ව තිබේ. චිත්‍රපටයේ වැය වටිනාකම අනුව එහි ආදායම ඉතා ඉහළ බව පැවසේ.
ආමිර් ඛාන්ගේ 'ලාපටා ලේඩීස්' ඉන්දීය රුපියල් කෝටි 13ක් දක්වා ඉතා සෙමින් ගමන් කර ඇත. ඉදිරියේදී රුපියල් කෝටි 17-18 දක්වා ළඟා වීම අපේක්ෂා කෙරේ.
ෂෙයිතාන් යනු 2024 පළමු කාර්තුවේ වඩාත්ම විශ්වාසදායක බොක්ස් ඔෆිස් ප්‍රතිඵලය වන අතර මේ වසරේ මෙතෙක් බිහි වූ සාර්ථකම හින්දි චිත්‍රපටය වී තිබේ. රුපියල් කෝටි 2.40ක පමණ ශුද්ධ වියදමක් සහිතව නිකුත් කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වන ෂෙයිතාන් නිකුත් වී දින 15කට පසුව රුපියල් කෝටි 117.50ක් මූල්‍ය ආදායමක් ලබා ඇත. එහි ගෝලීය එකතුව රුපියල් කෝටි 173කි. ඉදිරියේදී ෂෙයිතාන් ඉතා පහසුවෙන් රුපියල් කෝටි 200 සීමාව ඉක්මවා යනු ඇත. ෂෙයිතාන් මූල්‍ය ආදායම් ඉලක්කය රුපියල් කෝටි 225ක් වේ.

-------------------------------------
 
Back to top
Go to bottom

Popular News