2017 ස්ලිම් නීල්සන් සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙල ඊයේ (10) බත්තරමුල්ල වෝටස් ඒජ් හිදී පැවැත්විණ.
මෙම සම්මාන උලෙලේ හොදම ගුවන් විදුලි වැඩසටහන් සන්නාමය ලෙස හිරු FM නාලිකාවේ විකාශය වූ අරා – පැස්බරා වැඩසටහන තේරී පත් විය.
අරා – පැස්බරා වැඩසටහනේ ආරභක නිවේදකයින් යුවළ පසුගිය සමයේ හිරු නාලිකාවෙන් ඉවත් වී සියත FM සමඟ සම්බන්ධ වූ බව සියලු දෙනා දන්නා කරුණක්!
හිරු නාලිකාවේ නිලධාරීන් විසින් වැඩසටහනට අදාළ සම්මානය ලබා ගන්නා අවස්ථාවේදී අරා සහ පැස්බරා නොහොත් අරවින්ද ලොකුගේ සහ දිස්නා මුණසිංහ නැගී සිට අත් පුඩි ගසමින් ඔවුන්ට සිය සතුට පළ කිරීම විශේෂ සිදුවීමක් විය.
වසරේ ජනප්රියතම නිවේදකයා – අරා
වසරේ ජනප්රියතම නිවේදකයා ලෙස අරා නොහොත් අරවින්ද ලොකුගේ ස්ලිම් නීල්සන් සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙලේදී ඇගයීමට ලක්ව තිබේ.
පසුගිය සමය පුරාම සමාජයේ දැඩි කතාබහට ලක්වූ අරා මෙරට ගුවන් විදුලි නිවේදක ක්ෂේත්රයේ සිටින දක්ෂතම චරිතයක් වේ.