ඩිංගිරාලට සිටින්නේ දුවෙක් හා පුතෙකි.දියණිය පියසීලි ය. පියසීලිගේ දියණිය වන සුමනා පියකරු, සුකුමාල හත් හැවිරිදි දැරියකි. එහෙත් ඇයට කුමක් සිදු වේද? මේ සියල්ල සමගින්,
බන්ධනය - ළඟදීම ඔබේ සිනමා ශාලාවේදී.
චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ 21 වැනි චිත්‍රපටයේ කතා තේමාව එයයි.
මෙම චිත්‍රපටයට මෙවර තේමා වන්නේ යාග හෝම, හදි හූනියම්, දිෂ්ටි, පිල්ලි හා බන්ධන පිළිබඳව සිංහල ජන සංස්කෘතියේ ඇති සිද්ධි ඇතුළත් භයංකාර කතා පුවතකි.
සිරිල් වික්‍රමගේ, හේමාල් රණසිංහ, සුවිනීතා වීරසිංහ, දුලානි අනුරාධා, සහේලි සතරසිංහ, නිල්මිණී තෙන්නකෝන්, රවීන්ද්‍ර යසස් ප්‍රධාන චරිත රඟන මෙම චිත්‍රපටයේ ප්‍රියංකර රත්නායක, ලියෝනි කොතලාවල, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, සුදම් කටුකිතුලේ, උදයකුමාරි රණසිංහ, ආරියසේන ගමගේ, රන්ජිත් සිල්වා, කුමාර වඳුරැස්ස, නන්ද වික්‍රමගේ, ජයතිස්ස අතුලසිරි, රන්ජිත් රූපසිංහ, ජානක හාල්පන්දෙණිය, අසංක දේවමිත්ර පෙරේරා, නිමාශා ද සිල්වා සෙසු චරිත නිරූපණය කරති. කේ.ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂණය සිදු කරන ලද අතර සංස්කරණය හා ශබ්ද සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. වේශ නිරූපණය ජයන්තා රණවක විසිනි. කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස්ගෙනි. ඩොනල්ඩ් ජයන්ත අධ්යක්ෂණයට සහාය වන අතර පසුබිම් සංගීතය නදුන් රත්නායකගෙනි. ශාන්ති වර්ණසූරිය ඇඳුම් පැලඳුම් නිර්මාණය කර ඇති අතර අසෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණය සිදු කර ඇත.
මේ බන්ධන ගැන හේමාල් රණසිංහ කියන කතාවයි.