lan englan tam

පුවත්

නිවින් - පාර්වතී යුගලක් හැදෙන හීනය?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිවින් පෝලි සහ දුල්කර් සල්මාන් කියන්නෙ මලයාලම් සිනමා නවරැල්ලෙ පිබිදීමත් එක්කම නැචුරලි හයිප් වුනු නළුවො දෙන්නෙක්.

පසුව, ප්‍රේමම් හදපු අල්පොන්සේ පුත්‍රෙන්ගෙ පළමු චිත්‍රපටිය වුනු නේරම් නමැති විශිෂ්ට බ්ලැක් කොමඩියෙන් නිවින් කියන්නෙ දක්ෂතාවයෙන් පිරුණු නළුවෙක් කියල ප්‍රේක්ෂකයො හඳුනගත්තා.
ඊටපස්සෙ මේ තරුණ නළුවා තවත් හොඳ චිත්‍රපටි කීපයක හොඳම රඟපෑම් කලා,ප්‍රේමම් කියන මලයාලම් කල්ට් චිත්‍රපටි⁣යෙ රඟපෑම නිසා තරුවක් වෙනතුරුම.
ඒ චිත්‍රපටි ලැයිස්තුව නම් වශයෙන් ගත්තොත් ප්‍රේමම්ට කලින් 1983,ඕම් ශාන්ති ඔශානා, දුල්කර් සල්මාන් එක්කම රඟපාපු බැංගලෝ ඩේස්,වික්‍රමාදිත්යන් වගේ චිත්‍රපටි සහ ප්‍රේමම්ට පස්සෙ ආපු ඇක්ෂන් හීරෝ බිජු,ජැකොබින්ටේ ස්වර්ගරාජ්‍යම්,සගාවු,හේ ජූඩ් වගේ චිත්‍රපටි.
2014 දි බැංගලෝර් ඩේස් හිට් වෙලා ඊළඟ අවුරුද්දෙදි නිවින් රඟපාපු ප්‍රේමම් සහ දුල්කර් රඟපාපු චාලි හිට් වෙනකොට අපිත් ඇතුළු හුඟදෙනෙක් හිතුව මේ තමයි මලයාලම් සිනමාවෙ ඊළඟ මම්මූටි සහ මෝහන්ලාල් කියලත්.
දුල්කර් සල්මාන් තමන්ගෙ වෘත්තීය නැගීම සහ කැරිස්මාව බැලන්ස් කරගෙන ගමන යන්න පටන්ගත්තත්, ප්‍රේමම් ජනප්‍රියත්වයෙන් අවුරුදු දෙකතුනක් ඇතුළත නිවින්ගෙ බහින කලාව පටන්ගත්තා.
ඒක අවාසනාවක්,නිවින් කියන්නෙ රඟපාන්න බැරි නළුවෙක් නෙවෙයි.ඔහු දක්ෂයෙක් වගේම තරු ගුණයක දිස්නයත් අඩු නැතුවම තිබුනු ඇක්ටර් පර්සනලිටි එකක්.
මොන හේතුවක් හින්දා හරි ඒක වුනා.හොඳ චිත්‍රපටි නොලැබීම හෝ නිවින්ට ඒව තෝරාගන්න නොදැනීම හෝ හේතුවක් වෙන්න ඇති.
ඊටපස්සෙ ෆහාද් ෆාසිල් ඇතුළු තවත් තරුණ,දක්ෂ නළුවො රොත්තක්ම මලයාලම් සිනමාවෙ ජනකාන්ත බව හිමි කරගෙන ස්ථාවර වුනා.
දැන් මිනිස්සුන්ට නිවින්ව මතක අර පරණ චිත්‍රපටි නිසා විතරයි.
මලයාලම් සිනමාවෙ දක්ෂතම තරුණ නිළිය ⁣,පාර්වතී එක්ක ඒ යුගයෙ දක්ෂතම තරුණ නළුවා වුනු ⁣නිවින් පෝලි පෙම්වතුන් විදිහට රඟපානව බලන්න මම ආසාවෙන් හිටියා.
නිවින්ගෙ ජනප්‍රියත්වය කියන ලන්තෑරුමෙ එළියෙ බැහැගෙන යාම නිසාද කොහෙදෝ එහෙම චිත්‍රපටියක් හැදුනෙ නෑ .
හැබැයි, පාර්වතී නිවින් ජෝඩුව රඟපාන රොමැන්ටික් චිත්‍රපටියක් හදන්න අදටත් පරක්කු නෑ.
නිවින්ට තාම වයස අවුරුදු හතළිහක් නැතත් කඩඉමේ ඉන්නෙ.
ආපහු අර පරණ ප්‍රතිරූපය ඇති කරගෙන මොලිවුඩ් වල සුපිරි තරුවක් විදිහට ස්ථාවර වෙන්න දැනටත් පරක්කු නෑ..

නිරෝෂ් ගුණසේකර විසිනි

Back to top
Go to bottom

Popular News